Cinnamon Life සහ Crescat හි පදික මාර්ග ඉදිකිරීමට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900ක් යොදා ගනී

John Keells සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle හි සහාය ඇතිව John Keells Properties, Crescat Boulevard සහ Cinnamon Life ඇතුළු එහි ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා Plastic Modified Asphalt Concrete (PMAC) ඇතුළත් කිරීමට AGC Innovate (Pvt) Ltd සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත් බව පවසයි.

මෙම ව්‍යාපෘතිය හරහා John Keells Properties ව්‍යාපෘති වන Cinnamon Life සහ Crescat Boulevard හි පදික වේදිකා සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ පොලිතින් බෑග් කිලෝග‍්‍රෑම් 900 කට වැඩි ප‍්‍රමාණයක් භාවිත කරන ලදී. 

AGC Innovate සමඟ ඇති මෙම නව හවුල්කාරීත්වය JKP හි පුළුල් වන ඉදිකිරීම් ව්‍යාපෘති හරහා PMAC මත පදනම් වූ ද්‍රව්‍ය භාවිතා කරමින් ස්ථාවර, තිරසාර විසඳුම් නිර්මාණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අර්බුදය විසඳීමට උපකාර කිරීමට අරමුණු කරයි.

”එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් සහ ප‍්‍රතිචක‍්‍රීයරණය කළ නොහැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසා ඇති වන පරිසර දුෂණය අපේ කාලයේ බරපතළම පාරිසරික ගැටළු අතර වෙනවා. අපගේ මාර්ග මතුපිට සම්පූර්ණ කිරීම සඳහා PMAC හි AGC Innovate හි විශේෂඥතාව උපයෝගී කර ගනිමින් අපි ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ චක‍්‍රීය ආර්ථිකයක් කරා යන ගමනක් ස්ථාපිත කරනවා.” යනුවෙන් John Keells Properties හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉනෝක් පෙරේරා  මහතා පැවසුවේය.

වසංගතයට පෙර ප්ලාස්ටික් කැබලි 46,000 (ටොන් 269,000) සාමාන්‍යයෙන් ඉන්දියන් සාගරයේ වර්ග සැතපුම් එකක් පුරාවට දුෂණය කර ඇති බව ඇස්තමේන්තු ගතකර ඇත. ශ‍්‍රී ලංකාව දිනකට නිසි ලෙස කළමනාකරණය නොකළ ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7,000 ක් පමණ ජනනය කරන අතර එයින් 6% ක් ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය වලින් සමන්විත වේ. නමුත් අවාසනාවට වර්තමානයේදී වටිනාකම, කල්පැවැත්ම සහ වෙනස් වීමේ හැකියාව මත තරඟ කිරීමට ප්ලාස්ටික් ඇසුරුම්කරණ විකල්පවලට නොහැකි වී තිබේ. එබැවින්, නුසුදුසු ලෙස බැහැර කරන ප්ලාස්ටික් වලින් පාරිසරික බලපෑම් ඇති කරන අතර එවැනි ද්‍රව්‍ය භාවිතය අවම වශයෙන් කෙටි කාලීන මධ්‍ය කාලීනව පැවතිය හැකිය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දුෂණය පිළිබඳ ගැටලූවට තාර්කික විසඳුමයි. එසේ නොමැති නම් අවම වශයෙන් දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වනු ඇත. මාර්ග ඉදිකිරීම සඳහා PMSC සංවර්ධනය කිරීම සමාජ-ආර්ථික සංවර්ධනයට සහාය වන අතරම ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දුෂණය ට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට හැකියාව ඇති විසඳුමකි.

මෙම අපද්‍රව්‍ය කාර්මික අමුද්‍රව්‍යයක් බවට පත් කිරීමෙන් JKP සහ AGC Innovate විසින් සාම්ප‍්‍රදායික ඇස්ෆල්ට් වලට වඩා සැලකිය යුතු ලෙස උසස් තත්වයේ මාර්ග තැනීමේදී භාවිතා කළ හැකි තාර වැනි පොසිල ඉන්ධන සඳහා ආදේශකයක් ලෙස අපද්‍රව්‍ය ප්ලාස්ටික් භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් සඳහා ද්විතියික භාවිතයක් නිර්මාණය කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස හරිතාගාර වායු විමෝචනය අඩු කරයි. එහි කාබන් පියසටහන අඩු කිරීමට JKP දරන උත්සාහයට තවදුරටත් ධනාත්මක බලපෑම් ඇති කරයි. ඒ අතරම PMAC ආකෘතිය සැලකිය යුතු ලෙස පරිසර හිතකාමී සහ කල් පවතින ඒවාට අමතරව ආරක්ෂිත, සුමට සහ වඩා ලාභදායී ලෙස නවීකරණය කරන ලද ඇස්ෆල්ට් මාර්ග නිර්මාණය කරයි.

JKP හි සංවර්ධන ව්‍යාපෘතිය වන Crescat Boulevard සහ Cinnamon Life සමඟින් අපද්‍රව්‍ය 150 ක් සහ කිලෝග‍්‍රෑම් 792 ක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රයකරණය කර ඒවා මාර්ග සංවර්ධනයට යොදා ගෙන තිබේ. මෙය පිළිවෙළින් දළ වශයෙන් 41,000 සහ 211,000 එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑගයන්ය. එසේ නොවුවහොත් එය කුණු ගොඩවල්වලට දැමීම හෝ වැළලීම හෝ මුහුදට දැමීම නිසා ගොඩබිම මෙන්ම සමුද්‍ර පරිසර පද්ධති ද දුෂණය වීමට ඉඩ තිබුණි.

මෙම ව්‍යාපෘති දෙකම PMAC හි බහුකාර්යතාව ප‍්‍රදර්ශනය කිරීමට නැවුම් අවස්ථා ලබා දුන්නේය. Crescat හිදී AGC හට සේවාලාභීන්ගේ අවශ්‍යතා, ඉංජිනේරු පරාමිතීන්, අදාළ ප‍්‍රමිතීන්ට අනුකූලව, අද්විතීය සේවා ස්ථානයකට පහසුකම් සැලසීමට හැකි විය.

මීට සමානව AGC Innovate විසින් දැනටමත් ආරම්භ කර ඇති Cinnamon Life හි JKP හි වර්ග අඩි මිලියන 4.5 ක සමිශ‍්‍ර බහුකාර්ය ව්‍යාපෘතියෙ හි ඉදිකිරීම් කටයුතු සිදුවන අතර ඇති වන තත්වයන්ට ගැලපෙන පරිදි එහි ඉදිකිරීම් සැලසුම් සාර්ථකව යොදා ගන්නා ලදී. එසේම පොදු මාර්ගයක් ආවරණය වන පරිදි සංවර්ධනය කිරීම උදෙසා PMAC ව්‍යාපෘතියට ග්ලෙනි වීදිය ද ඇතුළත් කිරීමට කොළඹ මහ නගර සභාවෙන් (CMC) අවසර ලබා ගන්නා ලදී.   

මේ පිළිබඳව අදහස් දක්වන AGC Innovate හි අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු ප‍්‍රධානී සහ ශ‍්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්ය ජුඩිත් සමරනායක මහතා ”යටිතල පහසුකම් සංවර්ධනය සමාජයට සහ රටට වටිනාකමක් එක් කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය තිරසාර පාරිසරික සහ හරිත තාක්ෂණය මූර්තිමත් කරන අතර එහි ප‍්‍රතිලාභ අසීමිතයි. මෙම පරිසර හිතකාමී හවුල්කාරිත්වය තුළ JKP සමඟ සම්බන්ධ වීමට AGC Innovate ට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන පැවසුවේය.

ව්‍යාපෘති දෙකෙහිම මූලික කටයුතු දැන් සම්පූර්ණ කර ඇති හෙයින් PMAC තාක්ෂණය භාවිතයෙන් අනාගත සියලූම මාර්ග සකස් කිරීමේ ව්‍යාපෘති සඳහා AGC නවෝත්පාදන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට JKP අරමුණු කරයි. මෙම හවුල්කාරිත්වය ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දුෂණය නැති කිරීම සහ පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා වන ප‍්‍රයත්නයන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරයි.

Visits: 146