මහබැංකුව රුපියල පා කරයි – ඩොලරය රුපියල් 230කට නොවැඩි මට්ටමකට

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලිභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳ පොළට ඉඩ සලසනු ලබන බව පවසයි.

අද රාත්‍රියේදී නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී සිටියි.

ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවද සඳහන් කරයි.

විශේෂයෙන්ම බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි තත්ත්වයන්ට මුහුණ දිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පසුගිය මාර්තු 04 දා ඉදිරිපත් කළ පුළුල් ප්‍රතිපත්ති මාලාවේ තවත් අවස්ථාවක් ලෙස මෙලෙස විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලි බවක් සඳහා ඉඩහැරීම සිදු කළ බව මහ බැංකුව පවසයි.

එසේම උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායිතාව ළගා කරගැනීම අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Visits: 198