විදුල්ලංකා පීඑල්සී සමාගම සිය වළගම්බා බලශක්ති සමාගම ඒකාබද්ධ කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විදුල්ලංකා පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන වලගම්බා බලශක්ති (පෞද්) සමාගම සිය සමාගම වෙත ඒකාබද්ධ කරගත් බව විදුල්ලංකා පීඑල්සී සමාගම පවසයි.

2007 අංක 07 දරන සමාගම් පනතේ වගන්ති අංක 242 (1) යටතේ මෙම ඒකාබද්ධ කරගැනීම සිදු කර තිබෙන බව විදුල්ලංකා පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෙහිදී 2022 ජනවාරි 01 වැනිදා සිට මෙම ඒකාබද්ධ වීම බලාත්මක වන බවත්, ඒ අනුව වලගම්බා බලශක්ති (පෞද්) සමාගම ඉදිරියට විදුල්ලංකා පීඑල්සී නමින් හැඳින්වෙනු ඇති බවත් එම සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙලෙස එම සමාගම ඒකාබද්ධ කරගැනිම සම්බන්ධයෙන් විදුල්ලංකා පීඑල්සී සමාගමෙහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොතිබූ බවත් සමාගම පවසයි.

විදුල්ලංකා පීඑල්සී සමාගමට අනුව මෙම වලගම්බා බලශක්ති පෞද්ගලික සමාගම මගින් මූලිකවම රත්නපුර කලවානේ පිහිටි වෙම්බියාගොඩ ආශ්‍රිතව පිහිටුවා ඇති ජලවිදුලිබලාගාරය හිමි සමාගමයි. එය 2013 මාර්තු 29 වැනිදා ජාතික විදුලිබල පද්ධතිය වෙත සිය විදුලිය ලබාදීම ආරම්භ කර තිබේ.

Visits: 179