INSEE Ecocycle කර්මාන්ත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට නවීනතම Pyrolysis කර්මාන්තශාලාවක් විවෘත කරයි

ශ්‍රී ලංකීය කාර්මික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාර්යයේ පුරෝගාමියා වන INSEE Ecocycle විසින් කාර්මික අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කරමින් එය චක්‍රීය ආර්ථිකය සඳහා ශක්තියක් සැපයීම සඳහා වන නවීන තාක්ෂණයෙන් යුතු Pyrolysis කර්මාන්ත ශාලාවක් පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකර ඇත.

රබර් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පූර්ණ ප්‍රතිචක්‍රීකරණ හැකියාව සහිත නවීන තාක්ෂණයෙන් යුතු මෙම කර්මාන්ත ශාලාව පුළුල් පරාසයක පැතිර ඇති කර්මාන්ත ක්ෂේත්‍රයට වගේම INSEE Ecocycle හි තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය.

මෙයට අමතරව INSEE Ecocycleආයතනය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වල අන්තරායකර සහ එසේ නොවන අපද්‍රව්‍ය, සන්නාම සංවේදී අපද්‍රව්‍ය ආදී තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යය හා සම්බන්ධ විසඳුම් සැපයීමේ කාර්යයේ ද නිරතව ඇත.

මෙම සුවිශේෂී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරන කර්මාන්තශාලාවපසුගියදා (පෙබරවාරි 25) විවෘත වුනු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ආර්. එම් දයා රත්නායකමහතා සහභාගී විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (සියලු කලාප) එම්. කේ. ඩී. ලෝරන්ස්, වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් කුමාර, මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ එන්.ජී. සෙනවිරත්න,පුත්තලම ප්‍රාදේශීය ලේකම් රංගනා ජයතිලක, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.කේ දිසානායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී.) නිමල් පෙරේරා, INSEEසිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක, INSEE Ecocycle හි අධ්‍යක්ෂ සංජීව චූලකුමාර යන සම්භාවනීය ආරාධිත අමුත්නන්සහ EXCO කණ්ඩායමේ සාමජිකයන්, INSEEසිමෙන්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම ද එක් විය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ මෙම Pyrolysis කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දක්වමින්, අපගේ INSEE Ecocycle ආයතනයේ සේවාවන් වලට එක්වූ මේ අති නවීන තාක්ෂණයෙන් යුතු නව කර්මාන්ත ශාලාව මගින් රබර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යය සඳහා නව අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ  වගේම INSEE ආයතන විදිහට අපි ජාතික අපද්‍රව්‍ය ගැටළුව සඳහා වඩාත් සාර්ථක මෙන්ම තිරසාර විසඳුමක් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම ද සිදුකරනවා. විශේෂයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම සැපයීම වෙනුවෙන් කැපවෙන INSEE Ecocycle ආයතනය, එම කාර්යයන් සඳහා ඔවුන්ගේ විශේෂඥතාවය, හැකියාව, තාක්ෂණික දැනුම සහ වෘත්තීය සේවාව වගේ අංශයන් වලින් සිය කැපවීම සහ නායකත්වය මෙයින් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිසා එම සම්පත් සහ හැකියාවන් තුළින් ආයතනික වශයෙන් තිරසාර ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමේ හැකියාවත් ඔවුන්ට තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

Pyrolysis යනු රබර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ කාර්යය සඳහා සම්පත් ප්‍රතිසාධන පාදක විසඳුමකි. මෙමගින් ඔක්සිජන් නොමැති අවකාශයක් තුළ කාබන් සහිත ද්‍රව්‍ය වලමෙහෙයුම් උෂ්ණත්වය සහ තාපන වේගය වෙනස් කිරීම මගින් ඝන, ද්‍රව සහ වායු නිෂ්පාදන කර ගැනීමේ හැකියාව පවතින අතර, මේ හේතුව නිසාම අද වන විට මෙම තාක්ෂණ්‍ය ආකර්ෂණීය තත්ත්වයට පත්ව ඇත.

Visits: 53