ශ්‍රී ලංකාව තුල රැහැන් රහිත සන්නිවේදනය සහ ස්වයංක්‍රීයකරණය තීව්‍ර කිරීමට 5G තාක්ෂණය

තාක්‍ෂණික  ලෝකය නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය වෙමින් පරිණාමය වෙමින් පවතී. පළමු පරම්පරාවේ රැහැන් රහිත තාක්‍ෂණය මගින් අපට එකිනෙකා සමග සම්බන්ධවීමට හඬ ලබා දුන් අතර 2G මගින් වචන සහ 3G මගින් ජංගම පරිගණකකරණය ලබා දුනි. 4G මගින් වැඩි වේගයක් යටතේ විවිධ යෙදුම් උපයෝගී කර ගනිමින් එදිනෙදා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව ලබා දුනි. 

දැන්  පැමිණ ඇත්තේ 5G යුගයයි. එමගින් අප දැනට යොදාගන්නා වේගයට වඩා 100 ගුණයක වැඩි වේගයකින් බාගතකිරීම් සිදු කිරීමට සැලසෙනු ඇතැයි විශ්වාස කෙරේ.

4G සිට 5G දක්වා උපාය මාර්ගික හුවමාරුව
5G යනු සෙලියුලර් ජාලවල පස්වන පරම්පරාව වන අතර එය ශ්‍රී ලංකාව තුල වර්ධනය වීමේ ගමන අරභා ඇත. 5G මගින් කෙටි සංඛ්‍යාත භාවිතා කරන අතර එමගින් වේගය පමණක් නොව ධාරිතාව, අඩු ප්‍රමාදය සහ ජාලයේ ගුණාත්මකභාවය තහවුරු කෙරේ. 4G වලට වඩා 100 ගුණයක වේගවත් වේගයක් සැපයීම මගින් 5G තාක්ෂණය, පුද්ගලයින්ට සහ ව්‍යාපාර වලට පෙර නොදුටු අවස්ථා ලබා දෙයි. මෙම තාක්‍ෂණය මගින් කර්මාන්ත පරිවර්තනය කිරීම සහ එදිනෙදා කටයුතු වලදී නැවුම් අත්දැකීම් ලබා දීම තුලින් පවතින සමාජය ඉදිරියට ගෙන යාම සිදු කරයි. 5G Smart Surface එකක් මගින් අඩු ආවරණ  කලාප වෙත සංඥා දිගු කිරීමට සහ ඒකාකාරව බෙදා හැරීමට උපකාර වන අතර එමඟින් සම්බන්ධතාවය ප්‍රශස්ත කරන අතරම ස්ථානය සහ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ධාරිතාව සකස්කරයි. 5G තාක්‍ෂණය මගින් connected සහ autonomous vehicles, shipping, real-time telesurgery, සහ intelligent connectivity වැනි නව තාක්‍ෂණික සංවර්ධන සඳහා ද පදනම සපයනු ඇත.

කලාපීය සංවර්ධනය උදෙසා 5G හි දායකත්වය
5G තුල සෙලියුලර් තාක්ෂණයට වඩා බොහෝ දේ ඇතුළත් වේ. Artificial intelligence, cloud computing සහ advanced networks වලින් සමන්විත පරිසරයක් තුල ඉතා ඉක්මනින් කේන්ද්‍රගත වීමට එයට හැකිවී තිබේ. ඩිජිටල් ආර්ථිකයට  සහාය වීම සඳහා දත්ත සහ නව දැනුම කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා 5G මගින් අවස්ථාව ලබා දේ. ස්මාර්ට් විදුලි ජාල, EVs හෝ සම්බන්ධිත වාහන, අධි තාක්ෂණික හදිසි සේවා, ස්වභාවික විපත් සඳහා සම්බන්ධිත සංවේදක යන විවිධ ජාලගත තාක්ෂණයන්ට සහය වීම තුලින් 5G මගින් සමාජීය නවෝත්පාදනයන් ඇති කරයි.

ස්වයංක්‍රීය ප්‍රතිචාරයක් සහිත නිෂ්පාදන ක්‍රියාවලි වල  ප්‍රගතිය සහතික කිරීම, දෝෂ පරීක්ෂා කිරීමට ඩිජිටල් යාන්ත්‍රණය, ශක්තිමත් ලොජිස්ටික් ජාල, VR සමඟ උසස් කළමනාකරණය, AR, අන්තර්ජාලය මාධ්‍ය කොටගත්  රැස්වීම් වැනි ක්‍රියාදාමයන්ට අත්වැලක් වීම තුලින් 5G, වගකිවයුතු ව්‍යාපාර සඳහා අඩිතාලම සපයයි.

දේශීය පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබා දීම උදෙසා 5G හි හැකියාව
5G තාක්‍ෂණයට පිවිසීමට රජයේ පවතින ක්‍රියාකාරී උනන්දුව හේතුවෙන් ශ්‍රී ලංකාව තුල 5G සංවර්ධන ව්‍යාපෘති, ෆයිබර් ජාල,  සහ සජීවී 5G අත්හදා බැලීම්වල සීග්‍ර වර්ධනයක් ඇතිවී ඇත. ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වීමේ අරමුණ හේතුවෙන්, පවතින සන්නාමයන්ට එම කාර්යයට අත්වැලක් වීමට ඉඩ ලබා දීම උදෙසා රජය විසින් 5G පෞද්ගලික ජාල සඳහා අනුමැතිය ලබා දී ඇත. මෑත වාර්තාවකට අනුව, වාණිජ ජාලයක් හරහා 5G සජීවී අත්හදා බැලීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය තත්පරයට ගිගාබයිට් 1.9 ඉක්මවා ඇත. මීට අමතරව, ජාතික ප්‍රතිපත්ති රාමුව (NPF) “Vistas of Prosperity and Splendour” ලෙස නම් කර ඇති අතර එදිනෙදා කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය මත ඉහළ විශ්වාසයක් ඇති සමාජ රාමුවක් ගොඩනැගීම පිළිබඳව ඉන් පැහැදිලි කරයි.

රටේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම උදෙසා තාක්‍ෂණික සන්නමයක් වශයෙන් vivo හි දායකත්වය
අනාගතයට සූදානම් සන්නාමයක් ලෙස සහ Benfen දර්ශනයට අනුකූලව, vivo 2017 වසරේ සිය ආරම්භයේ සිටම  ශ්‍රී ලාංකීය ප්‍රජාවට හොඳම තාක්ෂණික නවෝත්පාදනයන් ලබා දීමට වෙහෙස නොබලා කටයුතු කරයි. 5G තාක්ෂණය යොදා ගනිමින් දේශීය පරිශීලකයින්ට ලබා දෙන අත්දැකීම තව තවත් වැඩිදියුණු කිරීමට ඔවුන් කටයුතු කරනු ලබයි. සිය දෘඪාංග නිර්මාණය සහ මෘදුකාංග පරිසර පද්ධතියේ නවෝත්පාදනයන් කෙරෙහි ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරයි. මෙම තාක්‍ෂණය පාරිභෝගිකයින් අතට පත් කිරීම සඳහා vivo, 5G සම්බන්ධතාවය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. vivo හි වඩාත්ම කැපී පෙනෙන දායකත්වයන් වන්නේ  Rel-17 multi-SIM තාක්‍ෂණයේ ප්‍රමිතිකරණය සහ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම  සහ බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා vivo විසින් පේටන්ට් බලපත්‍ර ලබා ඇති Rel-16 terminal power-saving  තාක්ෂණයයි. 5G තාක්‍ෂණය යොදා ගනිමින් ‘Intelligent Phones’ නිපදවීම උදෙසා ඔවුන් හොද සුදානමකින් සිටී.

5G තාක්ෂණය මගින් රටම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට වසර කිහිපයක් ගත විය හැක, නමුත් පෙර නොවූ විරූ වේගයකින් සහ පරිමාවකින් පුද්ගලයින්, ස්ථාන සහ උපාංග අතර දත්ත නිදහසේ ගලා යාම සඳහා අවශ්‍ය පියවර දැනටමත් රැගෙන ඇත, vivo, 5G සම්බන්ධතාවය ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නව්‍යකරණයන්හි නව මානයන් සොයා යනු ඇත.

Visits: 99