සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී වෙතින් රුපියල් 6.00ක් බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම (GRAN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6.00ක් බැගින් හිමිවන ලෙස මෙම ලාභාංශ ගෙවිම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021 මුල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් අතරමැදි ලාභාංශ ගෙවීම බවද සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 29 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 08 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ දිනය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා අවස්ථා තුනකදී ලාභෘංශ ගෙවිම සිදු කර තිබුණි.

ඒ අනුව 2020 නොවැම්බර් මාසයේදී පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 4.50ක්ද, 2021 පෙබරවාරි මාසයේදී දෙවැනි අතරමැදි ලාභාංශ ලෙස රුපියල් 9.00ක්ද, 2021 මැයි මාසයේදී අවසන් ලාභාංශ ලෙස රුපියල් 4.50ක මුදලක්ද ගෙවීම සිදු විය.

Visits: 144