DFCC බැංකුවේ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ SLIM DIGIS 2.1 හිදී ඇගයීමට

DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි.

COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි පසුබිමක් තුළ දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙක් DFCC Virtual Wallet සේවාව වෙත යොමු වූහ.

SLIM DIGIS යනු ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ සම්මාන උළෙලකි. DFCC බැංකුව මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, මෙවර සම්මාන උළෙලේ බැංකුකරණ හා මූල්‍ය කාණ්ඩයේ විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් අතර අවසන් වටයට පැමිණීමට DFCC බැංකුව සමත් විය.

තලවතුගොඩ Monarch Imperial හිදී පැවති මෙම උත්සවයට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය නියෝජනය කරන 400 කට අධික පිරිසක් සහභාගී වූහ. DFCC බැංකුව වෙනුවෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කළ Loops Digital සහ Storybook යන සමාගම්ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.

“SLIM DIGIS සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම අවසන් වටයට පැමිණීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකුවක් මෙන්ම, කාටත් ගැළපෙන සේවාවන් ලබාදීමට කැපවී සිටින බැංකුවක් වශයෙන්, ඩිජිටල් තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමේ වැදගත්කම අප හොඳින් හඳුනනවා. DFCC Virtual Wallet වැනි සේවාවක් හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙය හුදෙක් ගනුදෙනුකරණ බැංකුකරණයෙන් ඔබ්බට යමින්, අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ජීවන විලාසිතාමය ප්‍රවේශයක් සහිත පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. එම නිසා SLIM DIGIS හිදී අප ලැබූ මේ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල්කරණය වූ බැංකුවක් බවට පත්වීම සඳහා අප යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස අප දකිනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

“සල්ලි අතින් අල්ලන්නේ නෑ’ වැඩසටහන සම්පූර්ණයෙන්ම ඩිජිටල් නාලිකා හරහා ක්‍රියාවට නැංවූ වැඩසටහනක්. එහි මූලික ඉලක්ක වූයේ ගනුදෙනුකරුවන් DFCC Virtual Wallet බාගත (Download) කරගැනීම සහ එය භාවිතා කරමින් ගනුදෙනු සිදුකිරීම ප්‍රවර්ධනය කිරීමයි. Facebook, Instagram, YouTube, TikTok, Google සහ අන්තර්ජාල දැන්වීම් යනාදිය ඔස්සේ මාස කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන අතිශයින් සාර්ථක වුණා. කණ්ඩායමක් වශයෙන් එකට එක් වී කටයුතු කරමින් අප අත්පත් කරගත් මෙම සාර්ථකත්වය මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ අලෙවිකරණ හා තිරසාරත්ව ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

Visits: 57