කෘෂි නිෂ්පාදන වෙත කාබනික සහතිකය ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සහයෝගය

ශ්‍රී ලංකාවේ ගොවීන් / සැකසුම්කරුවන් / කෘෂි යෙදවුම්  නිෂ්පාදකයින් සහ ගොවි කණ්ඩායම් සඳහාප්‍රතීතනය ලත් සහතික කිරීමේ ආයතන හරහා කාබනික සහතිකයක් ලබා ගැනීමට උපකාර කිරීමේ ආධාර  වැඩසටහනක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කොට ඇත.

කාබනික පොහොර, බීජ නිපදවන,වගා කරන හාසකසන  ගොවීන් / සැකසුම්කරුවන් සහ යෙදවුම් නිෂ්පාදකයින්ට මෙන්ම කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වගා කරන ගොවි කණ්ඩායම්වලට මෙමගින් ප්‍ර‍තිලාභ ලැබෙනු ඇත.

වී, පලතුරු, එළවළු, කුළුබඩු, තේ, ඖෂධ පැළෑටි, පොල්,වැනි බෝගවගා කරන  සහ සකසනගොවීන් / සැකසුම්කරුවන් සහ කාබනික පොහොර හා බීජ වැනි යෙදවුම්ද නිපදවන නිෂ්පාදකයින් සඳහා මේ යටතේ SLS 1324:2018 අනුව ජාතික කාබනික සහතිකය ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහාය වනු ඇත.

අපනයන වෙළඳාමේදී සැපයුම ඉහල නැංවීමේ අරමුණු ඇතිව ඉහත සදහන් කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වගා කරන ගොවි කණ්ඩායම්වලට වලටද ජාත්‍යන්තර ප්‍රමිතීන් දෙකකට අනුව කාබනික සහතිකය ලබා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයසහාය වනු ඇත‍.

අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් කාබනික ගොවීන් / සැකසුම්කරුවන් / කෘෂි යෙදවුම්  නිෂ්පාදකයින් සහ ගොවි කණ්ඩායම් සඳහා කාබනි සහතිකකරණයේදී වැය වන පරීක්‍ෂණ, සහතික කිරීමේ පිරිවැය  සහ රසායනාගාර පරීක්ෂණවල පිරිවැය ආවරණය කිරීම සඳහා ආධාර ලබා දෙන අතර,අදාළආයතනවල සහාය ඇතිව පුහුණුවීම් වැඩසටහන් ද පවත්වනු ඇත.

මෙම සහයෝගය ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත් සහ අදාළ මාර්ගෝපදේශ www.srilankabussiness.com  යන අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2022 මාර්තු 04 වැනි දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යක්ෂ, කෘෂි අපනයන අංශය ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 42, නවම් මාවත,කොළඹ 02.වෙත යොමු කළ යුතුය.

වැඩි විස්තර සඳහා 2300705-11 අංකයෙන් S.M.D මධුමාලි මෙනවිය (Ext:235) / විනෝකා පෙරේරා මිය (Ext:289) අමතන්න. විද්‍යුත් තැපෑල: madhumali@edb.gov.lk , vinoka@edb.gov.lk.්‍

Visits: 60