‘එයිට්කන් ස්පෙන්ස්’ 2022 දී හොඳම තිරසර ගෝලීය සමාගම් 100 අතර ආ එකම ශ්‍රී ලාංකික සමාගම වෙයි

2022 වර්ෂයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව තිරසරත්වයේ ඉහළම සමාගම් 100 අතරට (Top 100 Global Companies for Sustainability 2022) ‘එයිට්කන් ස්පෙන්ස්’ (Aitken Spence) සමාගම එක්වී සිටින බව පවසයි.

ගෝලීය වශයෙන් කීර්තිනාමයක් හිමි ස්ථාවර අන්තර්ජාතික ප්‍රකාශනයක් වන ‘Sustainability’ සඟරාව විසින් කරන ලද ස්වාධීන සමීක්‍ෂණයකදී මෙම පිළිගැනීම සමාගම වෙත හිමිව තිබේ.

ඒ අනුව මෙම පිළිගැනීම හිමි වූ අනෙකුත් සමාගම් වන නිසාන්, ලෙනොවෝ, නොවෝ නෝර්ඩිස්ක්, ඇක්සෙන්චර්, මැකෙන්සි සහ සමාගම, මයික්‍රෝසොෆ්ට්, ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස්, අර්නස්ට් ඇන්ඩ් යං සහ කේ.එම්.පී.ජී. වැනි ලෝකයේ අතිශය කීර්තිමත් සමාගම් අතරට එක්ව සිටින එකම ශ්‍රී ලාංකික සමාගම වන්නේ ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමයි.

තිරසර සමාගම් ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළම ස්ථානය ෂෙනිඩර් ඉලෙක්ට්‍රික් සමාගම විසින් දිනා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේදී ‘එයිට්කන් ස්පෙන්ස් ‘ සමාගම සමඟින් ඒකාබද්ධව කටයුතු කරන ඩී.පී.ඩී. සමූහය ද මේ ශ්‍රේණිගත ස්ථිරසර සමාගම් 100 අතරට ඇතුළත්ව සිටී. ඩී.පී.ඩී. සමාගම ශ්‍රී ලංකාවේදී කටයුතු කරන්නේ ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ ජාලගත සහකරුවකු ලෙසිනි.

ගෝලීය පදනමක් සහිත ‘Sustainability’ සඟරාව, තිරසරත්වය පිළිබඳ විශ්වාසදායක ප්‍රකාශනයකි. එය ලොව විශාලතම තිරසර සන්නාමයන් සහ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ විධායකයන් ඉලක්ක කරමින් පළ කෙරෙන්නකි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා, එක් එක් කර්මාන්තවලට ආවේණික විශේෂඥ දැනුම මෙන්ම බලගතු ව්‍යාපෘති එකිනෙක සම්බන්ධ කෙරෙන ‘Sustainability’ සඟරාව, ගෝලීය තිරසර අවකාශය සඳහා වන ඩිජිටල් ප්‍රකාශනයකි. තිරසරභාවයේ නායකත්වය සඳහා පෙරමුණ ගනිමින්, එවන් සමාගම් 100 අතරට එක් වීම ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමට මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට ද ආඩම්බර විය හැකි කාරණාවකි.

මේ ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අදහස් දක්වමින් ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ‘එයිට්කන් ස්පෙන්ස්’හි අපි, අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ත්‍රිත්ව යටි පෙළ කළමනාකරණය පසුගිය වසර කිහිපය තුළ ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම මුහුණ දුන් දුෂ්කරම කාලවලදීත් සමාගම ඉදිරියට ගෙන ගියේ තිරසරභාවය සඳහා වූ සමාගමේ කැපවීම්වලට බාධා නොවන පරිදිය. එබැවින් ගෝලීය වේදිකාවක ලැබූ මේ පිළිගැනීම සම්බන්ධයෙන් අපි සැබවින්ම නිහතමානිව ආඩම්බර වෙනවා” යනුවෙන් පැවසීය.

මීට දශකයකට මදක් වැඩි කාලයකට ඉහත දී ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිමින්, ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම තිරසරත්වය සඳහා ගැළපෙන ශක්තිමත් පද්ධතියක් සහිත ආකෘතියක් සඳහා මූලික ප්‍රවේශයක් ගත්තේය. ඒ සමගම වාගේ සමාජීය සහ පාරිසරික පද්ධතිය සමඟ බද්ධ වීමට මෙන්ම තිරසර බව සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සකස් කිරීම කෙරෙහි ද ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම අවධානය යොමු කර තිබේ.

Visits: 119