Teejay Lanka ලාභාංශ නිවේදනය කෙරුණත් කොටස් වටිනාකම් -1.74% කින් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Teejay Lanka PLC සමාගම (TJL.N0000) පසුගිය බ්‍රහස්පතින්දා (17දා) දිනයේදී සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් පිළිබඳ නිවේදනයක් නිකුත් කෙරිණි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 85ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙහිදී 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව Teejay Lanka සමාගම පවසයි.

මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස 2022 මාර්කු 22 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 28 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර එම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් Teejay Lanka PLC සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ වෙතත් මේ ලාභාංශ නිවේදනය නිකුත් වී ගනුදෙනු දිනය වූ ඊයේ (18දා) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Teejay Lanka PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 45.10ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී පැවැති කොටසක වටිනාකම වූ 45.90ට සාපේක්ෂව ශත 80කින් එනම් -1.75%කින් පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ.

Visits: 273