Samsung Big TVs : රූපවාහිනී පමණක්ම නොවී වැඩි විශේෂත්වයක් ගන්නේ ඇයි?

ඔබ රැකියාවට ගොස් වෙහෙස මහන්සි වී නැවත නිවසට පැමිණි විට පවුලේ අය සමඟ එක්ව හොඳ චිත‍්‍රපටයක් නැරඹීම හෝ උද්වේගකර ක‍්‍රීඩා තරගයක් නැරඹීම හෝ වේවා සැම්සුන් Big TV නිෂ්පාදන මාලාව ඔබ මෙතෙක් අත් නොවිඳි ඔබගේ නැරඹුම් අත්දැකීම් වඩාත් උද්දීපනය කරයි.

අඟල් 55 සහ ඊට වැඩි QLED 8K TVs, QLED TVs සහ UHD TVs වලින් සමන්විත මෙම රූපවාහිනී නිෂ්පාදන මාලාව ඔබට පරිපූර්ණ විනෝදාස්වාදයක් මෙන්ම අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා දෙනවා පමණක්ම නොව ඒවා ඔබේ නිවස හැඩකාර හා අලංකාරවත් කරන devices ද වේ. මේ නිසා සැම්සුන් හි Big TVs රූපවාහිනී පමණක්ම නොවී වැඩි විශේෂත්වයක් හිමි කරගෙන ඇත.

QLED 8K TVරූපවාහිනී ලොව වෙනසකට ලක්කරන්නන් ලෙස හැඳින්වෙන QLED 8K TV, Infinity Screen, Adaptive Picture, Active Voice Amplifier, Q-Symphony සහ Object Tracking Sound+ වැනි අපූරු විශේෂාංග රැසකින් සමන්විත වේ. මීට අමතරව QLED 8K TV Real 8K Resolution, කෘතිම බුද්ධිය ඉහළ නැංවීමේ සුවිශේෂී හැකියාව (8K AI Upscaling), Quantum 8K ප්‍රොසෙසරය සහ Quantum HDR ආදියෙන් සමන්විතව ඔබ වෙත පැමිණෙන නිසා ඔබට විශිෂ්ට 8K resolution අත්දැකීමක් නිර්මාණය කරයි. තවද සැම්සුන් 8K QLED TV 33 million pixels සහිතව එන නිසා රූප රාමුවල ඉතා තියුණු සුපැහැදිලි බවක් ලබා දෙන අතර එමගින් නරඹන්නන්ට සම්පූර්ණ තිරයටම කාවැදී දසුන් දැක ගැනීමට අවස්ථාව සලසයි.

මීට පෙර හඳුන්වා දෙනු ලැබූ QLED 8K මාදිලිය හා සසඳන විට, මෙහි Infinity Screen ඉතා තුනී හා ආකර්ෂණීය නිමවුමකින් යුක්ත වේ.

Samsung QLED TV

Quantum Dot තාක්ෂණයෙන් බලගැන්වෙන සැම්සුන් QLED TV දීප්තිමත් සහ ගැඹුරු වර්ණ සමඟින් ඔබ මෙතෙක් අත් නොවි`දි අසමසම තාක්ෂණයකින් යුත් නැරඹුම් අත්දැකීමක් ලබා දෙයි. QLED TV හි Object Tracking Sound (OTS) සහ Active Voice Amplifier (AVA) විශේෂාංගවලින් ද සමන්විත වන නිසා එමඟින් ඔබගේ ප‍්‍රියතම වැඩසටහන් නරඹන විට ඔබට සිනමා ශාලාවක හා සමාන උසස් තත්වයේ ශබ්ද අත්දැකීමක් ලබා දෙයිx විශිෂ්ට රූපවාහිනී නිෂ්පාදනයක් වීමට අමතරව QLED රූපවාහිනී Ambient Mode විශේෂාංගය හා නිවෙස් අභ්‍යන්තර අලංකරණයන් සමඟ සංයෝග වීම සඳහා ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇත.

Crystal 4K UHD රූපවාහිනී

Crystal තාක්ෂණයෙන් සන්නද්ධ සැම්සුන් හි 4K UHD රූපවාහිනී උසස් වර්ණ සහ දීප්තිමත් බවක් ලබා දෙයි. Crystal 4K Display, Multi View, Adaptive Sound, Tap View, Screen Mirroring, Lag Free Gaming වැනි අපූරු විශේෂාංග රැසකින් අනූන මෙම රූපවාහිනී උපරිම ආශ්වාදයකට හා රසවින්දනයකට හේතුවන රූප රාමුවල සුපැහැදිලි බව මෙන්ම ගුණාත්මකභාවයක් ලබා දෙයි. තවද මෙම රූපවාහිනී මගින් පරිශීලකයින්ට එක් click කිරීමකින් පාලනය ඔබ අතට ලබා දෙන One Remote Control හි ඇති Bixby හා Alexa යන විශේෂාංග සමඟින් වැඩිදියුණු කළ හඬ පාලනයක් ද ලබා දෙයි. එය ඔබට වෙනත් අමතර සම්බන්ධ කිරීම් හෝ සංකීර්ණ සැකසුම්වලින් තොරව සම්බන්ධිත සියලූම devices වෙත අඛණ්ඩ සම්බන්ධ කරනු ලබයි.

එවැනි නව්‍ය ගෘහෝපකරණ සමඟින් සැම්සුන් ඔබගේ නිවෙස් අභ්‍යන්තර අලංකරණයේ ඉදිරියෙන්ම සිටීමට අරමුණු කරයි. විශ්වසදායී සහ පුළුල් ලෙස පිළිගත් වෙළෙඳ නාමයක් ලෙස පාරිභෝගිකයින් සැම්සුන් තෝරා ගැනීම ඔවුන් ගත් නිවැරදි තීරණයක් ලෙස පෙන්වා දිය හැකිය. අන් කවරදාකටත් වඩා මිනිසුන් සම්බන්ධතාවය මත රඳා පවතින කාලයක ඔවුන්ගේ උපකරණ ද වඩාත් බුද්ධිමත්ව හා වඩාත් කාර්යක්ෂම ජීවන රටාවක් සඳහා සම්බන්ධතාවය යොදා ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා කාර්යක්ෂමතාව ඉහළ නංවමින් කාලය ඉතිරි කරන පහසු ගෘහ කළමනාකරණ විසඳුම් සැපයීමට සැම්සුන් AI සහ SmartThings භාවිත කරනු ලබයි.

වෙළෙඳපොල පර්යේෂණ සමාගමක් වන ඔම්ඩියා (Omdia) සමාගමට අනුව, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය අතරතුර පවා නොසැලී සිටිමින් අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම වැජඹීමට සමත්ව සිටී.

සැම්සුන් රූපවාහිනී පෙළ රුපියල් 51,999 ක මිලකින් ආරම්භ වන අතර සැම්සුන්හි බලයත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung e-Store වෙතින් මිලදී ගත හැකිය. පාරිභෝගිකයින්ට ප‍්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 60ක් දක්වා පොලී රහිත වාරික සැලසුම් ලබා ගත හැකි අතර තෝරාගත් රූපවාහිනී සඳහා නොමිලේ සැම්සුන් Sound bar වැනි ආකර්ෂණීය දීමනා ද හිමි කරගත හැකිය.

Visits: 80