Rakuten Viber ආදරවන්තයින්ගේ දින සැමරුම වෙනුවෙන් chatbot සහ කාච එළිදක්වයි

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) මත පදනම් වූ සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, ආදරවන්තයින්ගේ දිනය මුල් කර ගනිමින් පරිශීලකයින් වෙනුවෙන් අන්තර් සබඳතා පැවැත්වීම හා සම්බන්ධ විශේෂාංග සහිත වූ ක්‍රියා මාලාවක් එළිදැක් වූ බව පවසයි.

එම විශේෂාංග අතරට විනෝදාත්මක වූ ආදරවන්තයින්ගේ AR කාච සහ chatbot වෙතින් පිරිනැමෙන ප්‍රීතිය හා සම්බන්ධ ඉඟි (Happiness Tips) හා සබඳතාවය පිළිබඳව කෙරෙන කෙටි ප්‍රශ්නාවලියක් ඇතුළත් වේ. ඒ සියල්ල සමාගමේ නව ‘Vibe with Confidence’ වැඩසටහනට සමගාමීව පෙබරවාරි මාසය පුරාවට ඉදිරිපත් කරනු ලබයි.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කෙරෙන පිරිනැමීම්හි කොටසක් ලෙස Rakuten Viber, මනෝවිද්‍යාව, ස්නායු විද්‍යාව සහ එහි සබඳතා පිළිබඳ වසර ගණනාවක් පුරා සොයාගැනීම් කළ ලාභ නොලබන පර්යේෂණ ආයතනයක් වන Human Improvement Project ආයතනය සමඟ හවුල් වී ඇත. ඔවුන් එක්ව සබඳතා පිළිබඳ ප්‍රශ්නාවලිය, වීඩියෝ සහ ප්‍රීතිය පිළිබඳ ඉඟි පිරිනැමෙන chatbot එකක් මඟින් ප්‍රතිකාරයන්ද ලබාදෙනු ඇත.

Viber ද පෙබරවාරි මාසය පුරාවටම ලබා ගත හැකි පරිදි ආදරවන්තයින්ගේ දිනය සඳහා නව AR කාච එළිදක්වනු ලබයි. ඊට හාර්ට් හැඩැති ඇස් කණ්ණාඩි, මල්සර රුව සහිත ඇඳුමක්, ජායාරූප සහිත තීරු ඇල්බම් සහ තවත් දේ ඇතුළත් නව කාච13ක් ඇතුළත් වේ. තේමාගත Viber කාච Snapchat මත මෙන්ම Viber වේදිකාව තුළින් ද ලබා ගැනීමේ හැකියාව ඇත. මීට අමතරව Viber විසින් එහි 44 වන භාෂා ඇතුළත් කිරීම ලෙස බෙලරුසියානු භාෂාව ඊට එකතු කර ඇත. ඒ අනූව වැඩි පිරිසකට ඔවුන්ගේ මව් භාෂාවම භාවිතයට ගනිමින් “මම ඔබට ආදරෙයි” යැයි පැවසීම පහසු කර තිබේ.

Rakuten Viber ලොව පුරා සිටින පුද්ගලයින්ට ඔවුන් කොතැනක සිටියත් විශ්වාසයෙන් යුතුව සම්බන්ධ වීමට සහ ආදරණීය, කල් පවත්නා සබඳතා ගොඩනඟා ගැනීම වෙනුවෙන් උපකාර කිරීම සඳහා කැපවී සිටියි. Viber හි පණිවිඩකරණ වේදිකාව පරිශීලකයින්ට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ ආදරයේ මාසය පුරාවටම තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙයි. ‘Vibe with Confidence’ වැඩසටහන මිනිසුන් එකිනෙකා සමීප කරවන අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ කටහඬ හෝ ක්ෂණික වීඩියෝ පණිවිඩවල ශබ්දය හරහා තවත් අයෙකුට ප්‍රකාශන යැවීමට ඉඩ සලසයි. Viber හි අන්තයක සිට තවත් අන්තයකට සංකේතනය කිරීම, නැතිවී යන පණිවිඩ සහ සැඟවුණු කතාබස් වැනි පුද්ගලිකත්ව විශේෂාංග ඇතුළත් පුළුල් වූ ලැයිස්තුව මඟින් එහි පරිශීලකයින්ට පෞද්ගලිකව සිය පණිවිඩ හුවමාරු කර ගැනීමේදී අසමසම වූ පෞද්ගලිකත්වයක් ලබා දෙනු ඇත.

”ආදරවන්තයින්ගේ දිනය යනු එකිනෙකා සමඟ සම්බන්ධ වීම සහ අනෙකා වෙනුවෙන් කාලය ගත කරමින් ඔබ ලබාදෙන සැලකීම වේ. ඇතැම් විට එය පණිවිඩ යැවීමේ යෙදුමක් හරහා සිදු කළ හැකිය.” Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ නොයා පොලැක් සඳහන් කරයි. ”වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් කාරී වසර කිහිපයකට පසු බොහෝ පවුල් වලට සහ සහකරුවන්ට එකිනෙකා පෞද්ගලිකව මුණ ගැහීමට නොහැකි වීමත් සමඟ අපට අවශ්‍ය වූයේ Viber පරිශීලකයින් වෙනුවෙන් ඔවුන්ගේ ආදරය හැකිතාක් පෞද්ගලිකව බෙදා ගැනීමට අවශ්‍ය වේදිකාවක් සපයා දීමටයි. අපගේ වීඩියෝ පණිවිඩ යැවීම සහ කටහඞෙහි මතක සටහන් විශේෂාංග ඉතා වැදගත් වන්නේ එබැවිනි.”

Visits: 55