සම්පත් බැංකුවෙන් කොටසකට රුපියල් 4.25ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සම්පත් බැංකුව (SAMP.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සම්පත් බැංකුව පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස අප්‍රේල් 25 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 30 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද සම්පත් බැංකුව පවසයි.

ඒ සඳහා වන යෝජනාව ඇතුළත් මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන මාර්තු 30 වැනිදා පැවැත්වෙන බවත් සඳහන් වෙයි.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනයත් සමගින්ම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹී පැයක කාලයක් තුළදී සම්පත් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 56.10ක් දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව රුපියල් 2.90ක එනම් 5.45%ක ඉහළ යාමකි.

Visits: 459