ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය හරහා වැඩියෙන්ම දැකගත හැකි වෙළෙඳ නාම

ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය හරහා වැඩියෙන්ම දැකගත හැකි වෙළෙඳ නාමය වන්නේ ඩයලොග් ආසිආටා වෙළෙඳ නාමය බව පසුගියදා නිකුත් කෙරුණු Digital Outlook Sri Lanka 2022 සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දෙයි.

වෙළෙඳ පොළ තත්ත්වයන් සම්බන්ධයෙන් දත්ත සහිතව වාර්ෂිකව සකස් කෙරෙන වාර්තාවක් ලෙස මෙය ඉදිරිපත් වෙයි. Asia Pacific Institute of Digital Marketing (pvt) Ltd. සමාගම සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව මෙම වාර්තාව සකස් කරයි.

ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය හරහා වැඩියෙන්ම දැකගත හැකි දෙවැනි වෙළෙඳ නාමය වන්නේ Daraz නාමයයි. එසේම Samsung වෙළෙඳ නාමය තෙවැනි ස්ථානයේ පසුවන අතර, Uber Eats සහ Apple යන වෙළෙඳ නාම සිව්වැනි සහ පස්වැනි ස්ථානයේ පසුවෙයි.

මීට අමතරව Singer, People’s Bank, Odel, Abans, Kelly Felder, CBL, Ali Express, GFLOCK, Pizza Hut, Milkmaid, Cocacola, Dell, Hameedia, Prima, Huwai, PickMe, Chenara Dodge, Sampath Bank, Marmite සහ Lassna Flora මුල් වෙළෙඳ නාම 30 අතර සිටියි.

Asia Pacific Institute of Digital Marketing (pvt) Ltd. සමාගම සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ දෙපාර්තමේන්තුව එක්ව මෙවැනි වාර්තාවක් සකස් කළ තෙවැනි අවස්ථාව මෙයයි.

Visits: 167