වසරේ මුල් දින 45දී සංවර්ධන බැදුම්කර ඍජු නිකුතුව හරහා ඩො.මි. 111.5ක් රැස් වෙලා

මහ බැංකුව විසින් සිදු කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඍජු නිකුතුව ඔස්සේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට 15 වැනිදා දක්වා ගත වූ දින 45කදී එක්සත් ජනපද ඩොලර් මිලියන 111.5ක මුදලක් රැස් කරගැනීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙය ආසන්න කාලසීමාවේදී මෙම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දිරිමත් කිරීමට මහ බැංකුව ගත් විවිධ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පෙන්නුම් කරන අවස්ථාවක් බවද මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී ඉහත සඳහන් කාලය තුළ සිදු කළ ආයෝජනයන්හි පරිණත කාලයන් මාස 3 සිට වසර 5 දක්වා කාල පරාසයක විහිදී තිබේ.

එසේම කුඩා පරිමාණ මෙන්ම මහා පරිමාණ සුදුසුකම් ලත් ආයෝජකයන්  මෙම සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීමට පෙළැඹී ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ආයෝජකයන් දිරි ගැන්වීමට කටයුතු කරමින් සිටින බවත් මහ බැංකුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

Visits: 166