Samsung Galaxy A03 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්ම ඔවුන්ගේ Galaxy A කාණ්ඩයේ සුපිරි smartphones මාලාවට එක් වූ නවතම device එක වන Galaxy A03 පසුගියදා මෙරටට හඳුන්වා දීම සිදු විය.

අතිවිශාල විවිධත්වයක් ඇති සැම්සුන් smartphones අතර වෙනසක් ඇති කළ හැකි Galaxy A03 විශාල display, අද්විතීය කැමරාව සහ විශිෂ්ට අත්දැකීමක් සමඟින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘Galaxy A03 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන අප ඉතා සතුටට පත් වෙනවා. Smart විශේෂාංග සමඟ කැටි වූ එහි ඇති සුපිරි තාක්ෂණය ඔබට වැඩියෙන් browse කිරීමට, වැඩිපුර වීඩියෝ ක‍්‍රීඩා කිරීමට, උසස් තත්වයේ හා අලංකාර ඡුායාරූප හා වීඩියෝ වැඩියෙන් ග‍්‍රහණය කර ගැනීමට සහ රසවත් අත්දැකීම් ජීවිතයට එක් කරගැනීමට අවස්ථාව සලසනවා. සැම්සුන් පාරිභෝගිකයන් කවදත් අපගේ නිෂ්පාදන සතුටින් වැළඳගෙන තිබෙන නිසා පාරිභෝගිකයින්ගේ සැම්සුන් අත්දැකීම ඉහල නැංවීමට අලූත් සහ වැඩිදියුණු කළ නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්.’’ යනුවෙනි.

Galaxy A03 සමඟින් ඔබගේ නැරඹුම් අත්දැකීම උපරිමයෙන් අත්විඳින අතරතුර එහි අඟල් 6.5 Infinity-V Display එක සමඟින් ඔබ මෙතෙක් අත් නොවිඳි පුළුල් නැරඹුම් අත්දැකීමේ වෙනස වටහා ගන්න. මෙහි ඇති HD+ තාක්ෂණය නිසා ඔබ දෛනිකව නරඹන අන්තර්ගතයන් වඩාත් තියුණු, නැවුම් හා පැහැදිලි ආකාරයෙන් දිස් වනු ඇත.

ග‍්‍රහණය කර ගැනීමට පහසු හා සුසිනිඳු හැඩයකින් හා නිමාවකින් එන Galaxy A03 මගින් ඔබගේ ප‍්‍රියතම වීඩියෝ සම්පූර්ණයෙන් පහසුවෙන් රසවිඳීමට ඔබට ඉඩකඩ සලසයි. Galaxy A03 හි ආකර්ෂණීයත්වය තවත් වැඩි කරන අංගයක් වන්නේ එහි කැමරාව ආසන්නයේ ඇති ඉරි සහිත රටාවයි (striped pattern). කළු සහ නිල් වර්ණවලින් දැන් මෙය ඔබට ලබා ගත හැකිය.

එහි ඉදිරිපස හා පසුපස කැමරා මගින් ඔබට සිත්ගන්නා සුළු ඡායාරූප ලබා ගත හැකිය. Galaxy A03 හි 8 MP ප‍්‍රධාන කැමරාව මගින් ඔබගේ ජීවිතයේ සොඳුරු නිමේෂයන් හි අලංකාර හා අනර්ඝ තත්වයේ ඡායාරූප සැනෙකින් ග‍්‍රහණය කර දෙන අතර එහි 5 MP ඉදිරිපස කැමරාව මගින් ඔබට අගනා සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

Storage space හා වේගය පිළිබඳව සැලකීමේදී Galaxy A03 යනු අගනා තේරීමක් වන අතර වැඩි වේගයක් හා ඵලදායී ක‍්‍රියාකාරීත්වයක් සඳහා එය 2GB RAM ක් සහිත OCTA-core CPU එකකින් බලගැන්වී ඇත. එපමණක් නොව එය 32GB අභ්‍යන්තර මතක ධාරිතාවකින් ද යුක්තය.

සැම්සුන් Galaxy A03 සතු කල් පවතින බැටරි බලයක් සහිත 5000mAh බැටරිය නිසා ඔබට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකි බැවින් නිතර නිතර charge කිරීමට කරදර විය යුතු නැත.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට මෙම Galaxy A03 මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore, samsungsrilanka.lk, MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Visits: 73