ACL ප්ලාස්ටික්ස් පීඑල්සී කොටස් අතුරුබෙදීමක් නෑලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL ප්ලාස්ටික්ස් පීඑල්සී (APLA.N0000) සමාගමෙහි කොටස් අතුරු බෙදීමක් සිදු කිරීමේ සැලසුමක් නොමැති බව එම සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කරයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මෙවැනි කොටස් අතුරු බෙදීමක් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රචාරයක් සිදුවන බවට තමන්ට ජනතාව හරහා දැනගන්නට ලැබුණු බවත්, එය සැබෑවක් නොවන බවත් ACL ප්ලාස්ටික්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වනවිට ACL ප්ලාස්ටික්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 771.50ක් බවට පත්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක අගය වූ රුපියල් 760.50ට සාපේක්ෂව රුපියල් 11ක එනම් 1.45%ක වටිනාකම් ඉහළ යාමකි.

2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට ACL ප්ලාස්ටික්ස් පීඑල්සී සමාගම ගනුදෙනු සඳහා නිකුත් කර තිබූකොටස් ප්‍රමාණය 4,212,500කි. ඉන් කොටස් 2,746,969ක්ම එනම් 65.21%ක්ම ACL කේබල්ස් පීඑල්සී සමාගම වෙත හිමිව ඇත.

එසේම එම දිනය වනවිට ACL ප්ලාස්ටික්ස් පීඑල්සී හි මහජන කොටස් හිමිකාරීත්වය කොටස් 1,426,978ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 33.87% කි. කොටස් හිමිකරුවන් 1,196 දෙනෙකු අතරේ එය බෙදී ගොස් තිබේ.

Visits: 239