මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කොටසකට රුපියල් 50ක් බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MERC.N0000)  සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 50.00ක් බැගින් මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාඟම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 04 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස පෙබරවාරි 24 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර එය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම විය. එහිදී කොටසකට රුපියල් 65.00ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

2021 මාර්තු 31 වැනිදා වනවිට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 629,580ක් එනම් 20.94%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ නිලාවේලි බීච් හොටෙල්ස් (පෞද්) සමාගමටයි.

එසේම එම දිනය වනවිට සමාගමේ මහජන කොටස් හිමිකාරිත්වය 10.84%ක් විය. එහිදී කොටස් හිමිකරුවන් 09 දෙනෙකු අතර පමණක් එම කොටස් බෙදී ගොස් තිබුණි.

Visits: 362