පෙබරවාරියේ මුල් දින 10 දී සංචාරකයන් 31,343ක් ඇවිත්

මේ වසරේ පෙබරවාරි මාසයේ මුල් දින 10 තුළදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 31,343 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පෙබරවාරි 10 වැනිදා දක්වා මෙරට වෙත පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 113,670 කි.

පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 3,366ක් විය.

මෙම කාලසීමාව තුළදී පැමිණි සංචාරකයන් අතරින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි මුල් රටවල් 10 න් වැඩිම  සංඛ්‍යාව රුසියානු සංචාරකයන් වෙයි. එය 4,566කි.

එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 3,799ක්, ඉන්දියාවෙන් 3,575ක් පැමිණ තිබේ. මේ අතර ජර්මනිය, යුක්රේනය සහ ප්‍රංශයෙන් පැමිනි සංචාරකයන් සංඛ්‍යාව පිළීවෙලින් 2,389ක්, 2,109ක්, 2,000ක් ලෙස ගණන් බලා ඇත.

පෝලන්තයෙන් සහ කසකස්තානයෙන් පැමිණි සංචාරකයන් පිළිවෙලින් 1,402ක් සහ 1,026ක් ලෙස සටහන්ව ඇත. මිට අමතරව චෙක් ජනරජයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 714ක් වන අතර කැනඩාවෙන් සංචාරකයන් 690ක් පැමිණ තිබේ.

මෙම රටවලට අමතරව අනෙකුත් රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,073කි.

මේ අතර 2019 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 252,033කි.

Visits: 92