ඉතිහාසයේ ඉහළම මාසික ආනයන වියදම 2021 දෙසැම්බරයේදී

2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,241ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ මෙරට ආනයන වියදම වූ ඩොලර් මිලියන 1,527ට සාපේක්ෂව 46.8%ක වර්ධනයකි.

ඒ අනුව එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසය තුළ මාසයක් තුළ වාර්තා කළ වැඩිම ආනයන වියදම ලෙසත් මෙය සටහන්ව ඇත.

මේ අතර, 2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය යළිත් වරක් එක්සත් ජනපද ඩොලර් බිලියනය (මිලියන 1,156ක්) ඉක්මවීමට සමත් වී තිබේ.

එහෙත් වාර්තාගත ආනයන වියදමත් සමගින් 2021 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ ශේෂය ඩොලර් බිලියනය (මිලියන 1,085ක්) ඉක්මවීමත් කැපී පෙනෙයි.

මෙහිදී ආනයනය ඉහළ යෑම සඳහා ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, මූල ලෝහ, බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත, රසායනික නිෂ්පාදිත, ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සඳහා වන වියදම් ඉහළ යෑම හේතුව වී තිබේ.

ඒ අනුව ඉන්ධන සඳහා ඩොලර් මිලියන 1,200ක්, රෙදිපිළි හා රෙදිපිළි උපාංග සඳහා මිලියන 731.9ක්, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සඳහා මිලියන 633.4ක්, මූල ලෝක සඳහා ඩො. මිලියන 406.1ක්, බෙහෙත් හා ඖෂධීය නිෂෟපාදිත සඳහා ඩො. මිලියන 287ක්, රසායනික නිෂ්පාසදිත සඳහා ඩො. මිලියන 242.9ක් සහ ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සඳහා ඩො. මිලියන 225.6ක් ලෙස එම වියදම් සිදුව තිබේ.

Visits: 178