SAMSUNG විශාල තිරය සහිත සිය නවතම Galaxy Tab A8 හඳුන්වා දෙයි

සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී.

සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 දැන් ඔබ වෙත පැමිණේ.

එය පරිශීලකයින්ගේ දෛනික ජීවන රටාවට සහ මූල්‍ය තත්වයට ගැළපෙන පරිදි සහ අනෙකුත් Galaxy devices සමඟ බාධාවකින් තොරව එක විට සම්බන්ධ කරන අතේ ගෙන යා හැකි ආකර්ෂණීය අත්දැකීමක් වනු නියතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘දුරස්ථව වැඩකිරීම සහ ඉගෙනීම සම්මතයක් ප‍්‍රමිතිය බවට පත් වී ඇති ලෝකයක, බොහෝ දෙනෙකුට tablets අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. නිවසේදී සහ මගතොටේදී අපගේ අන්තර්ජාල ක‍්‍රියාකාරකම්වලින් වැඩි ප‍්‍රයෝජන ලබා ගැනීමට ඒවා කදිම device එකක්. video chats, online පන්ති, වීඩියෝ ක‍්‍රීඩා සහ වීඩියෝ නැරඹීම සඳහා පුද්ගලයින් වැඩි වශයෙන් tablets වෙත නැඹුරු වන වන බව අප දන්නවා, ඒ නිසා අප ඔබව නව මානයකට සම්බන්ධ වීමට ඉඩක ලබා දීම සඳහා විශිෂ්ට නව හැකියාවන් සහිතව පරිපූර්ණ device එකක් ලෙස Galaxy Tab A8 ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා.’’ යනුවෙනි.

Galaxy Tab A8 අත්දැකීම ආරම්භ වන්නේ සැම්සුන් හි tablets වලටම අනන්‍ය වූ මෙන්ම පරිශීලකයින් වඩාත් ඇළුම් කළ සැම්සුන් Tab S කාණ්ඩයේ හැඩය හා නිමාව සහිතව වීම විශේෂිතයx අඟල් 10.5 පුළුල් තිරය වටා ඇති සිහින් රාමුව සහිතව එන එය සැහැල්ලූ ලෙස නිමවා ඇත. එනිසා මීට පෙර හඳුන්වා දෙන ලද tablet වලට වඩා Galaxy Tab A8, 80% screen to body ratio (සම්පූර්ණ device එක හා සසඳන විට තිරය නියෝජනය කරන ප‍්‍රමාණය) එකකින් යුක්ත වීම නිසා පරිශීලකයින්ට මෙතෙක් අත් නොවිඳි නැරඹුම් අත්දැකීමක් ලබා දෙයි. පරිශීලකයන් ඔවුන්ගේ ප‍්‍රියතම කතාවක් නැරඹුවත්, මිතුරන් සමඟ වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වුවත් හෝ video calls මගින් පවුලේ අය සමඟ සම්බන්ධ වුවත් Dolby Atmos® තාක්ෂණය සහිත Galaxy Tab A8 හි quad-speaker සමඟ අද්විතීය, ගැඹුරු සහ තාත්වික බවින් අනූන මනා ශබ්ද සංයෝජනයක් සපයයි.

එහි අද්විතීය display එකට අමතරව Galaxy Tab A8 සැම්සුන් හි Tab A කාණ්ඩයේ අත්දැකීමට වැඩි ප‍්‍රබලත්වයක් හා ක‍්‍රියාකාරීත්වයක් ලබා දෙයි. Galaxy Tab A8 හි CPU සහ GPU යන අංශ දෙකම වැඩි වේගවත් බවක් ලබා දීම සඳහා 10% කින් ඉහළ නංවා ඇති අතර lag වීමකින් තොර සුමට ක‍්‍රියාකාරීත්වයක් ද ලබා දෙයි. තවද, Galaxy Tab A8, 32GB සිට හෝ 64GB ආදී ලෙස ගබඩා (storage) කිරීමේ විකල්ප කිහිපයක් ලබා දෙන නිසා පරිශීලකයින්ට එයින් ගැලපෙන එකක් තෝරා ගත හැකිය. 1TB දක්වා විශාල ඉඩක් ලබා ගත හැකි microSD කාඞ්පත් විශේෂාංගයද එය සතුය. Galaxy Tab A8 ද දැන් 3GB හෝ 4GB RAM, 15W fast-charging සහිත 7,040mAh බැටරියක් සමඟින් එන නිසා පරිශීලකයින්ට නිතර නිතර charge කිරීමට කරදර නොවී නොනවත්වා පැය ගණනක් ඔවුන්ට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකිය..

Visits: 121