BPPL හෝල්ඩිංග්ස් ශත 24ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක අගය ශත 40කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 24ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බව BPPL හෝල්ඩිංග්ස් පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස මාර්තු 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 23 වැනිදා නම් කෙරී තිබේ.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 25.00ක් ලෙස සටහන්ව තිබුණි. මෙය ඊයේ දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 24.60ට සාපේක්ෂව ශත 40ක එනම් 1.63෴ ක ඉහළ යාමකි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා සිය පළමු අතරමැදි ලාභාංශ ගෙවීම සිදු වුණු අතර එහිදී කොටසකට ශත 18ක් බැගින් ගෙවීම සිදුවිය.

Visits: 206