HNB සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා අසමසම ලීසිං දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ  අත්වැල් බැඳ ගත් බව පවසයි.

2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ වට්ටම් අත්විඳිය හැක. දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව HNB හි ප‍්‍රධාන කාර්යාලයේදී පැවති අතර HNB හි විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා ”ආනයන සීමා නිසා ලියාපදිංචි කළ, නොකළ වාහන වෙළෙඳපොළ වෙනස් වෙමින් ඉදිරියට ගොස් තිබෙනවා. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වෙළෙඳපොලේ හොඳම ප‍්‍රතිලාභ ලබා දෙනවා. ඒ නිසාම වාහන සිහිනය යථාර්තයක් කර ගැනීමට වෙර දරන්නන්ට අලෙවියෙන් පසු ඉහළම පාරිභෝගික සේවාවක් සහ ඉහළ වට්ටම් ලබා දීම සඳහා අපි ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත් අලූත් කරනු ලැබුවා.” යනුවෙන් පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට තමාගේ ආදායමට සරිලන පරිදි වාරිකය සකස්කර ගැනීමේ හැකියාව (Structured Leases) ඇති සහ සාමාන්‍ය ලීසිං පහසුකම් සඳහා ලීසිං වටිනාකමින් 25%ක අවශේෂ වටිනාකමක් HNB විසින් දැනට පවත්නා පොළී අනුපාතය ලබා දෙනු ඇත. එමෙන්ම, ලීසිං ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

”අපගේ අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට ආකර්ෂණීය ලීසිං විසඳුම් සහ විශිෂ්ට ප‍්‍රතිලාභ පිරිනැමීමට නැවතත් HNB සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. HNB සමඟ වන අපගේ අඛණ්ඩ හවුල්කාරීත්වය ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා බව අපට පෙනෙන්නට තිබෙන අතර තමන්ගේම වාහනයක් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට මෙම අවස්ථාව නැවතත් ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා පැවසුවේය.

ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි නොකළ කාර්, වෑන් සහ අධිශීතකරණ රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පළමු වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වෙතින් නොමිලේ රක්ෂණයක් ලබා දෙනු ඇත. තවද HNB පාරිභෝගිකයින්ට පළමු වසර සඳහා Indra Motor Spares වෙතින් අමතර කොටස් සහ Indra Service Park වෙතින් කම්කරු ගාස්තු සඳහා 10% දක්වා වට්ටම් හිමි කර ගත හැකි වේ.

ලියාපදිංචි කළ හෝ නොකළ මගී වාහන සඳහා ආයෝජනය කරන පාරිභෝගික භවතුන්ට ඔවුන්ගේ වාහන සඳහා විනෝදාස්වාද පද්ධතියක් හා රිවර්ස් කැමරාවක් නොමිලේ හිමි කර දීම ද මෙහි ඇති විශේෂත්වයකි. ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් පාරිභෝගිකයින්ට එන්ජින් සහ ගියර් බොක්ස් සඳහා වසර දෙකක වගකීමක් සහ හයිබි‍්‍රඞ් බැටරි සඳහා වසර තුනක වගකීමක් ද ලබා දෙනු ඇත.

Visits: 115