Expolanka Holdings 2021 තුන්වන කාර්තුව සඳහා බදු පසු ලාභය 405% කින් ඉහළට

Expolanka Holdings සිය භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස තුන තුළ සමාගම මෙතෙක් වාර්තා කරන ලද ශක්තිමත්ම තුන්වන කාර්තුමය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි.

2020 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව හා සසඳන විට Expolanka සමූහය රුපියල් බිලියන 204.9ක ආදායමක් වාර්තා කළ අතර එය 2020 වසරට සාපේක්ෂව 254%ක කැපී පෙනෙන වර්ධනයකි. එසේම, අදාල කාර්තුව සඳහා සමූහයේ දළ ලාභය රු. බිලියන 38.7 ක් වී ඇති අතර එය 2020 වසරේ අදාල කාර්තුවට සාපේක්ෂව 299% කින් ඉහළ ගොස් ඇත. සමූහයේ බදු පසු ලාභය (PAT) 2020 වසරට සාපේක්ෂව 405% කින් ඉහළ ගොස් රු. බිලියන 23.0 ක් වී ඇත.

ලබා ගත් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන Expolanka Holdings විධායක අධ්‍යක්ෂ සහ සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනීෆ් යූසුෆ් මහතා පැවසුවේ ‘‘එක් කාර්තුවක් සඳහා අප මෙතෙක් වාර්තා කරන ලද මෙම සුවිශේෂී මූල්‍ය ප‍්‍රතිඵලය තුළින් Expolanka හි උපායමාර්ග, නම්‍යශීලි බව සහ මූල්‍ය කළමනාකරණයේ ඇති  මූලධර්ම පිළිබඳ ප‍්‍රබල සාක්ෂියක් සපයනවා. අපගේ ප‍්‍රධාන වෙළෙඳපොලවල් සැලකිය යුතු පරිවර්තනයක් අත්කරගෙන තිබෙනවා. පෙර නොවූ විරූ සහ ඉක්මනින් වෙනස්වීම් සිදුවුනු කාල පරිච්ෙඡ්දයකදී මෙම කාර්යසාධනය අත්කර ගැනීමට හැකිවීම වඩාත් කැපී පෙනෙන අතර අපගේ ප‍්‍රධාන වෙළෙඳපොලවල සැලකිය යුතු පරිවර්තනයක් අප දුටුවා.”

‘‘සමූහයේ ප‍්‍රධාන පාරිභෝගික වෙළඳපොල හිමි උතුරු ඇමරිකාව තුළ හොඳින් ව්‍යාපාරික කටයුතු ක‍්‍රියාත්මක වූ අතර යුරෝපීය සහ ආසියානු වෙළඳපොල ද විවෘත වෙමින් පවතිනවා. වෙළෙඳපොළවල් ඉක්මනින් වෙනස්වන සුළු වන අතර අඛණ්ඩව වර්ධනය වනවා. අපගේ නම්‍යශීලීත්වය තවත් වැඩිදියුණු කරගනිමින් හා ව්‍යාපාරයේ ප‍්‍රධාන මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරන අතරම මෙම වෙනස්වීම් හරහා Expolanka සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අප විශ්වාස කරනවා. අපගේ සියලූම වටිනා පාර්ශ්වකරුවන් සඳහා අඛණ්ඩ වටිනාකම් නිර්මාණය කිරීම සහතික කිරීම සඳහා ඇති අවස්ථාවන් උපරිම ලෙස භාවිත කිරීමට සමූහය බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් යූසුෆ් මහතා වැඩිදුරටත් පැවසුවේය.

භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ අත්කර ගත් සුවිශේෂී කාර්යසාධනය මෙම කාල සීමාව තුළ සමූහයේ වර්ධනය සඳහා ප‍්‍රබල සාධකයක් විය. මෙම අංශය 2020 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 203.7ක ආදායමක් වාර්තා කළ අතර එය 2020 වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 255%ක වර්ධනයකි. දළ ලාභය රු. බිලියන 38.4ක ක් වූ අතර එය 2020 වසරට සාපේක්ෂව 303%ක ඉහළ යාමකි. 2021 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ බදු පසු ලාභය 2020 වසරට සාපේක්ෂව රු. බිලියන 23.0 ක් වූ අතර එය 384%ක වර්ධන වේගයක් පෙන්නුම් කරයි.

සමූහය වාර්තා කළ මෙම විශිෂ්ට මූල්‍ය ප‍්‍රතිඵල සඳහා එහි පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සුවිශේෂී උපායමාර්ගය හේතු වූ අතර එමඟින් ගුවනින් හා මුහුදින් යන මාර්ග දෙක ඔස්සේ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු මගින් ධාරිතාවය පුළුල් කිරීමට හැකි විය. මෙමගින් සමාගමට එහි wallet share අඛණ්ඩව වර්ධනය කරගැනීමට මෙන්ම වටිනා නව උපායමාර්ගික සේවාදායකයින් ආකර්ෂණය කර ගැනීමට ද හැකි විය. සමාගම විසින් සේවා සපයනු ලබන පාරිභෝගික කළඹ මේ වන විට වඩාත් ශක්තිමත්ව හා විවිධාංගීකරණය වී ඇති අතර එයට ලොව ප‍්‍රමුඛ පෙලේ විවිධ වෙළෙඳනාම ද ඇතුළත් වේ.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල කලාපීය වෙළෙඳපොළ තුළ සමාගම ව්‍යාප්ත වී ඇති ආකාරය මනාව පිළිබිඹු කරන්නක් ද වේ. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි වෙළෙඳපොළවල් හොඳින් ක‍්‍රියාත්මක වන අතරම නැගෙනහිර හා අග්නිදිග ආසියාතික වෙළෙඳපොලවල් ශක්තිමත් වර්ධනයක් ද පෙන්නුම් කරන ලදී.

කොවිඞ් වසංගතයෙන් තවමත් යථා තත්ත්වයට පත් වෙමින් සිටියද, සමූහයේ සත්කාරක අංශය අදාල කාර්තුව තුළ සිය කාර්යසාධනය වඩාත් ශක්තිමත් කරගත් අතර රු. මිලියන 298ක ආදායමක් උත්පාදනය කළේය. එය 2020 වසරට සාපේක්ෂව 243% වැඩි වීමකි.

අපනයන මෙහෙයුම් ප‍්‍රධාන දායකත්වයක් ලබා දෙමින් ආයෝජන අංශය අදාල කාර්තුව තුළ රු. මිලියන 917ක ආදායමක් වාර්තා කළ අතර 2020 වසරට සාපේක්ෂව එය 92% ක වර්ධනයකි. සමාගමේ කළඹ පිළිබඳ නැවත අවධානය යොමු කිරීමෙන් මෙම අංශයේ වැඩිදියුණු කළ කාර්යසාධනයක් අත්කර ගැනීමට හැකි විය. මෙම වසර තුළ Expolanka හි තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය සැලකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගැනීම ද විශේෂත්වයකි.

මෙම මූල්‍ය ප‍්‍රතිඵලවල වැඩිදියුණු කිරීම් සමඟින් එම කාල පරිච්ෙඡ්දය තුළ සමූහය සිය පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) ආදී මුලපිරීම්වල සැලකිය යුතු ප‍්‍රගතියක් ද වාර්තා කළේය. නිදසුනක් වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සමූහයේ කැපවීම තහවුරු කරමින් Expolanka විසින් ශ‍්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයින් නඟා සිටුවීමට සහ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහාය සහ තාක්ෂණික දැනුම ලබා දීමෙන්ය.

Visits: 467