මූල්‍ය ආයතන 09ක් මූලික ප්‍රාග්ධන අවශ්‍යතා පෙන්වයි – 12ක් ඒකාබද්ධ කිරීමට මූලික අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල (ඒකාබද්ධකරණ වැඩපිළිවෙල) කඩිනමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මහ බැංකුව පවසයි.

ඒ යටතේ සමාගම් 09ක් දැනටමත් සිය නව ප්‍රාග්ධන නියාමන අවශ්‍යතා සපුරාලීමට හඳුන්වාදී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ සමාගම් මගින් සිදු කර ඇති නව නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවන්හි වටිනාකම රුපියල් බිලියන 12.56කි.

මෙහිදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී, ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී, ඒෂියා ඇසෙට් ෆයිනෑන්ස් පීඑල්සී, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී, පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී, පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් පීඑල්සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රීලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී, යූබී ෆයිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සහ සී/ස රිචඩ් පීරිස් ෆයිනෑන්ස් ලිමිටඩ් එම සමාගම් වෙයි.

මීට අමතරව සමාගම් 12ක් ඔවුන්ගේ ව්‍යාපාර අත්පත් කරගැනීමේ/ඒකාබද්ධ කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා මූලික අනුමැතියන් ලබා ගෙන ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ඇසට්ලයින් ලීසිංකම්පැනි ලිමිටඩ් සමාගම – කැන්රිච් ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අත්පත් කර ගැනීම සහ එහි තැන්පතු පියවීම.

එල්බී ෆයිනෑන්ස් පීඑල්සී – මල්ටි ෆිනෑන්ස් පීඑල්සී අත්පත් කරගැනීම සහ පසුකාලීනව ඒකාබද්ධ කිරීම.

එස්එම්බී ලීසිං ෆයිනෑන්ස් පීඑල්සී – ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අත්පත් කරගැනීම සහ එහි තැන්පතු පියවීම.

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී – සිංහපුත්‍ර ෆයිනෑන්ස් පීඑල්සී අත්පත් කරගැනීම සහ පසුකාලීනව ඒකාබද්ධ කිරීම

එච්එන්බී ෆයිනෑන්ස් පීඑල්සී – ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී අත්පත්කරගැනීම සහ පසුකාලීනව ඒකාබද්ධ කිරීම.

එල්ඕඑල්සී ෆයිනෑන්ස් පීඑල්සී – කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමග ඒකාබද්ධ කිරීම. යනාදිය ඒ අතර වෙයි.

ඉහත ප්‍රවණතා හේතුවෙන් බැංකු නොවන මූල්‍යආයතන අංශය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සමග අනුකූල වීමේ සැලකියයුතු වර්ධනයක් අත්දැක තිබෙන බවත් එලෙස අනුකූල නොවීම අවම බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 413