ධම්මිකගේ LB Finance මගින් Multi finance අත්පත් කරගැනීමේ සූදානමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Multi Finance සමාගම අත්පත් කරගෙන එම සමාගම සිය සමාගම වෙත ඒකාබද්ධ කරගැනීමට LB Finance PLC සමාගම සූදානමින් සිටින බව වාර්තා වෙයි.

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු වේගවත් කිරීමේ මූලික සැලසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද දිනයේදී නිකුත් කරන ලද නිවේදනයක මේ පිලිබඳව සඳහන්ව තිබේ.

ඒ අනුව මහ බැංකුව මගින් හඳනාගෙන ඇති අර්බුදයට ලක්ව ඇති මූල්‍ය සමාගම් හය අතර Multi Finance PLC සමාගමත් පවතින බව මහ බැංකුව පවසයි.

එහිදී ඊට පිළිතුරු ලෙස එය අත්පත් කරගෙන එහි මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කර ගැනීම සඳහා වන මූලික කැමැත්ත LB Finance සමාගම මගින් ඉදිරිපත් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාදිමට නියමිතව ඇති බවත් මහ බැංකුව පවසයි.

LB Finance PLC සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වූවකි. Multi Finance PLC සමාගම ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් වෙයි.

Visits: 730