2021 දී ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ විප්ලවයක් ඇති කළ vivo ස්මාර්ට්ෆෝන් 5 ක්

ගෝලීය දැක්මක් ඇති තාක්‍ෂණ සන්නාමයක් ලෙස, vivo සැමවිටම එහි පරිශීලකයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර නව්‍ය විශේෂාංග සහ අත්දැකීම් ඇති හොඳම පන්තියේ නිෂ්පාදන ඔවුන්ට ලබා දීමට උත්සාහ කරයි. පරිශීලක අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වන බැවින්, vivo මෙම වෙනස්කම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නිෂ්පාදන සැපයීම සිදු කරයි.

සන්නාමය, ස්මාර්ට්ෆෝන් ලෝලීන් සඳහා විලාසිතා, තාක්ෂණය සහ දැරිය හැකි මිල ගණන් හරහා නව්‍යකරණයන් ඉදිරිපත් කර ඇත.vivo විසින් තරුණ ප්‍රේක්ෂකයින් සඳහා දැරිය හැකි මිලකට  Y කාණ්ඩයේ, නවීන පන්නයේ, හැඩකාර ස්මාර්ට්ෆෝන් ඉදිරිපත් කර ඇති අතර රාත්‍රී කාලයේ ඡායාරූපකරණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි  V21 කාණ්ඩයද හඳුන්වා දී ඇත.

vivoහි කැපී පෙනෙන විශිෂ්ට නිෂ්පාදන කිහිපයක් දෙස බලමු.

  • V21 5G
    vivo V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය අතිශය බලවත්  44MP OIS Night Selfie පද්ධතියකින් සමන්විත වන අතර එය 7.29mm Ultra Slim AG නිර්මාණයක් සහිත 2021 වසරේ සුමට හා වඩාත්ම හැඩකාර ස්මාර්ට්ෆෝන් වලින් එකකි. එයට  ඉදිරිපස සහ පසුපස කැමරා  එකට වැඩ කිරීමට සැලසුම් කර ඇති Dual-View Video අංගයද අන්තර්ගත කොට ඇත. පාරිභෝගිකයින්ට එය රු. 99,990/- මිලකට ලබා ගත හැක.
  • V21e
    44MP Eye Autofocus වැනි සුවිශේෂී විශේෂාංගයක් සමඟ පැමිණීමත් සමගින්, vivo V21e සෑම විටම සුපිරි පැහැදිලි සෙල්ෆි ලබා දෙන  බැවින් පාරිභෝගිකයාගේ ප්‍රියතම කාණ්ඩයක් බවට පත්ව ඇත.7.38mm Ultra-Slim AG වීදුරු නිර්මාණය නිසා එය ඉතා ආකර්ෂණීයයි. අඟල් 6.44 AMOLED සංදර්ශකය FHD+2400*1080 අති-ඉහළ විභේදනයකින් යුක්ත වන අතර ඔබේ ඇස් ගැන සැලකිලිමත් වන අතරම අලංකාර, සැබෑ  වර්ණ දර්ශනයක් ලබා දෙයි. පරිශීලකයින්ට එය රු. 74,990/- මිලකට ලබා ගත හැක.
  • Y53s
    මෑතකදී දියත් කරන ලද vivo Y53s යනු සියලුම අංගයන්ගෙන් සමන්විත ස්මාර්ට් ජංගම දුරකතනයක් වන අතර Y කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතනයකින්  ඉහළ මට්ටමේ විශේෂාංග ලබා දෙන පළමු අවස්ථාව ද වේ. එය 64MP පසුපස කැමරාවක්, 16MP ඉදිරිපස කැමරාවක් සහ 33W ෆ්ලෑෂ් ආරෝපණයක් සහිත 5000Mahබැටරියකින් සමන්විත වේ. එහි උසස් 8GB + 4GB Extended RAM ,128GB සහ 1TB Memory Expansion සමඟින්, එය නිසැකවම භාවිතා කර බැලිය යුතු ස්මාර්ට් ජංගම දුරකතනයක් වන අතර රු. 62,990/- මිලකට ලබා ගත හැක.
  • Y12s
    Y12s AI ද්විත්ව කැමරා සමඟ එන අතර එය Face Beauty සහ Filters ඇතුළුව පුළුල් පරාසයක විශේෂාංග වලින් සමන්විත වේ.13MP පසුපස ප්‍රධාන කැමරාවකින් සමන්විත වන අතර  Glacier Blue සහ Phantom Black යන වර්ණ 2 කින් ලබා ගත හැකිය.එය multi-Turbo 3.0 කින් ද සමන්විත වන අතර එය ක්‍රීඩා සිදු කිරීමේදී ඇතිවන ප්‍රමාදය අවම කිරීම සඳහා සහ මූලික දර්ශන ප්‍රශස්ත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙය රු. 32,990/-ක මිලකට ලබා ගත හැක.
  • Y1s
    Y1s අඟල් 6.22 Halo FullView™ සංදර්ශකයකින් සමන්විත වන අතර දිගු කල් පවතින, විනෝදජනක වීඩියෝ සහ ක්‍රීඩා අත්දැකීමක් සපයන  4,030mAhබැටරියක් ද අඩංගු වේ.අලංකාර ත්‍රිමාණ ශරීර වක්‍ර සමඟින්, සුව පහසු ලෙස ග්‍රහණය කර ගැනීම සඳහා ඔබේ අත්ලට ප්‍රමාණවත් පරිදි නිර්මාණය කර ඇත.පාරිභෝගිකයින්ට Y1s 2GB+32GB කාණ්ඩය රු. 24,990/- කට  සහ 3GB+32GB කාණ්ඩය රු. 27,990/- කට ලබා ගත හැක.

ඔබගේ ප්‍රියතම vivo ස්මාර්ට් ජංගම දුරකථනය දැන්ම  ලබා ගන්න! සියලුම අලෙවිනියෝජිතයන් හරහා සහ ඊ-වාණිජ්‍යය අඩවි වන BuyAbansසහ Daraz මගින් ඔබට ලබා ගත හැක.

Visits: 72