Fits Air වෙතින් Fits Cargo හඳුන්වා දෙයි

Aberdeen Holdings (පෞද්) සමාගමට අයත් FitsAir ගුවන් සමාගම මගින් සිය අලුත්ම ඉදිරිපත් කිරීම ලෙස Fits Cargo නමින් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් හඳුන්වාදී ඇතැයි පවසයි.

මෙතෙක් කලක් Fits Air Cargo නමින් ක්‍රියාත්මක වූ සමාගම මෙලෙස FitsCargo බවට සන්නාම වෙනසකට ලක්ව තිබේ.

1997 වසරේදී ExpoAir නමින් ආරම්භ වූ සමාගම පසුව FitsAir බවට පත්විය. ඒ යටතේ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් FitsAir Cargo නමින් එය මෙතෙක් කලක් ක්‍රියාත්මක විය. ආරම්භයේදී මාලදිවයින වෙත භාණ්ඩ ප්‍රවාහනය කළ එම සමාගම පසුව ඉන්දියාව සහ ඉන්දියානු සාගරයේ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීරය දක්වා සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.

ඒ අනුව ගෙවුණු දශක දෙකක පමණ කාලය තුළදී ලෝකයේ සෑම කොණකටම භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට FitsAir Cargo සමත්ව ඇතැයි පවසයි.

2002 වසරේදී එම සමාගම සිය මෙහෙයුම් භාණ්ඩ ප්‍රවාහනයේ සිට දෛනිකව කාලසටහනකට සිදුවන අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් පියාසැරි සේවා දක්වාද පුළුල් කෙරිණි. මෙම සේවාව සඳහා ලැබුණු ඉල්ලුමත් සමගින්ම අද වනවිට අභ්‍යන්තර ගුවන් ගමන්වලට අමතරව දකුණූ ආසියාවේ සහ මැදපෙරදිග වෙතද සිය ගුවන් ගමන් සිදු කරයි.

Visits: 138