බෝගල ග්‍රැෆයිට් ලංකා පීල්සී මහජන කොටස් හිමිකාරීත්වය 2%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමෙහි (BOGA.N0000) මහජන කොටස් හිමිකාරීත්වය පසුගිය 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට 13.45%ක් ලෙස සටහන්ව තිබූ බව එම සමාගම පවසයි.

ඒ අනුව 2021සැප්තැම්බර් 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු  කාර්තුමය මූල්‍ය ප්‍රකාශයෙහි සඳහන් වූ මහජන කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය වන 10.09ට සාපේක්ෂව එය 2%ක වර්ධනයක් බව සමාගම සඳහන් කරයි.

2021 සැප්තැම්බර් 30 වැනිදා වනවිට බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සීහි කොටස් හිමිකාරීත්වයෙන් 75,310,068ක් එනම් 79.58ක හිමිකාරිත්වයක් Graphit Kropfmuhl GMBH සමාගම වෙත හිමිව තිබුණි. තවත් කොටස් 9,775,580ක් ALTERNA GK LLC සමාගම වෙත හිමිව තිබුණි. එය 10.33%ක ප්‍රතිශතයක් විය.

ඒ අනුව මෙම සමාගම් දෙක සතුව තිබූ සම්පූර්ණ කොටස් හිමිකාරිත්වයේ ප්‍රතිහතය 89.91ක් ලෙස සටහන්ව තිබූ අතර, ගනුදෙනු සඳහා මහජනතාව වෙත නිකුත් කර තිබූ කොටස් ප්‍රතිශයද 10.09ක් විය.

බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන රොජර් මිලර් විසින් පසුගිය 2021 වසරේ නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා සිදු කරන ලද කොටස් අලෙවිය මෙලෙස සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය ඉහළ දැමීමට හේතු වී තිබේ.

ඒ මහතා  බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන ALTERNA GK LLC හි අධ්‍යක්ෂවරයෙකි.

මෙහිදී එම කාලය තුළ ALTERNA GK LLC සතු වූ කොටස් 3,162,044 ක් ඒ මහතා අලෙවි කර තිබේ. ඒ අනුව එම සමාගම සතුව දැන් ඇත්තේ කොටස් 6,613,536ක් පමණකි.

Visits: 298