ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021-22 මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස පෙබරවාරි 07 වැනිදා නම් කෙරී තිබේ.

සමාගම පවසන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා එහි කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීද කොටසකට ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණි. එය 2021-22 මූල්‍යවර්ෂය සඳහා ලබාදුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම විය.

Visits: 106