අදානි සන්නාමයේ වර්ණයට සමාන වූ කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් සන්නාමය

අලුතින් ඉදි කෙරෙන කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් පිහිටුවා ගත් කලම්බු වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගමේ (CWIT – Colombo West International Terminal (Pvt) Ltd.)  සමාගමේ සන්නාමය මේ වනවිට එළිදක්වා තිබේ.

ඉන්දියාවේ අදානි සමූහය, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරයි. එහිදී අදානි සමූහයට (අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්) මෙම ව්‍යාපෘතියේ 51%ක ප්‍රතිශතයක්ද, ජෝන් කීල්ස් සමූහයට 34%ක ප්‍රතිශතයක්ද වරාය අධිකාරියට 15%ක ප්‍රතිශතයක්ද වන ලෙස එහි හිමිකාරීත්වය බෙදී ගොස් තිබේ.

ඒ අනුව අලුතින් පිහිටවූ මෙම Colombo West International Terminal (Pvt) Ltd. සමාගමේ සන්නාමය එහි වැඩි හිමිකාරීත්වයක් සහිත ඉන්දියාවේ අදානි සමූහයේ (Adani Group) සන්නාමය අනුව යමින් එම වර්ණයන් සහිතව නිර්මාණය කෙරී ඇති ආකාරය පෙනී යයි.

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් Colombo West International Terminal (Pvt) Ltd සමාගම පුවත්පත් කිහිපයකම දැන්වීම් පළ කර තිබුණි.

Visits: 317