තේ මණ්ඩල සභාපති මොල්ලිගොඩ ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට යයි

ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජයම්පති මොල්ලිගොඩ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව ලබන ජනවාරි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුවන බව බැංකුව මගින් නිවේදනය කර සිටියි. ඒ මහතා බැංකුවෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

තේ මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයම්පති මොල්ලිගොඩ මහතා පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරිණ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මෙම පත් කිරිම සිදුවිය.

අද වන විට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ කාංචන රත්වත්ත (සභාපති), ආර්.එම්.පී. රත්නායක (අධ්‍යක්ෂ), හර්ෂ විජේවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ), අනුර ක්‍රිස්ටෝපර් (විධායක නොවන අධ්‍යක්ෂ), විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

Visits: 80