LOLC ෆිනෑන්ස් සහ CLC ඒකාබද්ධයට මහ බැංකු අනුමැතිය

LOLC සමූහයට (LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී) අයත් මූල්‍ය සමාගම් දෙකක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) යන සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ ඉල්ලීම මහ බැංකුව මගින් අනුමත කර ඇතැයි එම සමූහය පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව 2022 ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින බැංකු නොවන මූල්‍ය සමාගම් ආවේක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අනුමැතිය ලබා දී තිබෙන බව LOLC සමූහය මෙහිදී අනාවරණය කරයි.

මෙරට ක්‍රියාත්මක මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ මහ බැංකුවෙහි සැලසුම යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදුවන බවත් සමූහය පවසයි.

මෙම මූල්‍ය සමාගම් දෙක ඒකාබද්ධ කරන බවට LOLC සමූහය මගින් පළමුවෙන්ම නිවේදනය කරන ලද්දේ පසුගිය ජනවාරි 05 වැනිදාය.

ඒ අනුව මින් ඉදිරියට LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC) ලෙස නව සමාගම කටයුතු සිදු කරනු ඇතැයිද මෙහිදී දැනුම් දී තිබේ.

Visits: 986