සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය අලුත්වීම අද (ජන 24දා) සිට

කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය අද සිට අලුත් ක්‍රමවේදයක් අනුව සිදුවන බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

ඒ අනුව මෙහිදී අරමුණ වන්නේ එම ගණනය කිරීම සඳහා වන බර තැබීමේ ක්‍රමය වෙනස් කිරීම බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මෙතෙක් කලක් එය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් (full market capitalisation-weighting) ගණනය කිරීමක් සිදු වූ අතර, අද දිනයේ සිට එය චලිත වෙළෙඳ පොළ ප්‍රාග්ධනයක් අනුව බර තබමින් (public float-adjusted market capitalization) ගණනය සිදු කිරීම සැලසුම වී තිබේ.

මේ අතරින් සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් ගණනය කිරීමේ අවස්ථාවේදී වැඩි ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත වැඩි බරක්ද, අඩු ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත අඩු බරක්ද තබමින් මෙම ගණනය කිරීම සිදු විය.

එහෙත් මෙම නව ක්‍රමවේදය හරහා සමාගමක ප්‍රාග්ධනය යම් කිසි ආකාරයකට හැසිරවීමක් සිදු කරමින් මෙම සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරිම සිදු කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන්වරට ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී ASPI අගය 13,371.61ක් බවට පත්ව තිබූ අතර, එය 2022 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී 9.37%ක ඉහළ යාමක් විය.

Visits: 405