එමිරේට්ස් වෙතින් ඩුබායි වෙත එකට පැමිණෙන සංචාරකයින් සඳහා 25% ක ආකර්ෂණීය ඉතිරියක්

2022 පෙබරවාරි මස 6 වන දිනට පෙර ගුවන් ගමන් වෙන්කර ගන්නා මගීන්ට පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් සමඟ ඩුබායි හි සංචාරය කිරීමට ආකර්ෂණීය දීමනාවක් ලබා දීමට ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් කටයුතු කර ඇත.

2022 ජනවාරි මස 24 වන දා සිට 2022 අපේ‍්‍රල් මස 30 වන දා දක්වා කාල සීමාව තුල ඩුබායි හි සංචාරය කරන ගුවන් මගීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සඳහා ගුවන් ගාස්තු වලට 25‍% ක වට්ටමක් වලංගු වන බව ගුවන් සමාගම පවසයි.

මෙම විශේෂ දීමනාව ලබා දෙන්නේ 2022 ජනවාරි මස 24 වන දා සිට 2022 පෙබරවාරි මස 6 වන දින දක්වා කාලය තුල ඉකොනොමි හෝ ව්‍යාපාරික පන්ති සඳහා ගුවන් ටිකට් පත් emirates.com හරහා වෙන් කරවා ගන්නා ගුවන් මගීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සඳහා වන අතර ට‍්‍රැවල් ඒජන්ත සමාගම් හෝ එමිරේට්ස් ඇමතුම් මධ්‍යස්ථානය වෙතින් ලබාගන්නා ගුවන් ප‍්‍රවේශපත් සඳහා ද එම දීමනාව හිමිවේ.

මෙම නව විශේෂ ගුවන් ගමන් ගාස්තු වලට අමතරව ඩුබායි වෙත ගමන් කරන එමිරේට්ස් මගීන්ට අගය එකතුකළ දීමනා මාලාවක් ලබාදීමට කටයුතු කර තිබේ. මෙයට නොමිලේ ලබාදෙන එමිරේට්ස් Expo දින ප‍්‍රවේශ පත‍්‍රයක් සහ වෙළදසැල්, අවන්හල් සහ විනෝදාස්වාද ස්ථාන 500 කට වැඩි ප‍්‍රමාණයකින් එමිරේට්ස් boarding pass එක පෙන්වා විශේෂ වට්ටම් ලබාගැනීමේ අවස්ථාවද ඇතුළත් වේ.

මීට අමතරව, 2022 මාර්තු 31 වනදා දක්වා ඩුබායි හි රැඳී සිටින සෑම මිනිත්තුවක් සඳහා එමිරේට්ස් මගීන්ට එක් ස්කයිවර්ඞ්ස් සැතපුමක් බැගින් හිමිකර ගැනීමේ අවස්ථාවද එමිරේට්ස් විසින් ලබාදී ඇත.

Visits: 100