CPOPC සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව තුළ තිරසාර, පරිසර හිතකාමී ඔයිල් පාම් වගාවක් ගැන සාකච්ඡා

ලොව පුරා කුඩා වතු හිමියන් ට සිය අත්දැකීම් හා දැනුම එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන ‘ඔයිල් පාම් නිෂ්පාදක රටවල් සම්බන්ධ කවුන්සිලය (CPOPC)’ සංවිධානය කරනු ලැබූ වෙබිනාර් වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි.

ආසියා පැසිෆික් කලාපය, මධ්‍යම ලතින් ඇමරිකාව සහ අප්‍රිකානු මහාද්වීපයේ කුඩා වතු හිමියන් අනුගමනය කරන තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් අනෙකුත් රටවල ද ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය සංවිධානය වී තිබේ.

එහි දී පැපුවා නිව්ගිනියාවේ කුඩා ඔයිල් පාම් වතු හිමියන්ගේ නියෝජිත කෙප්සන් පුස්පිටා, ඉන්දුනීසියාවේ කුඩා ඔයිල් පාම් හිමියන්ගේ නියෝජිත ජෝනෝ අල්බාර් බුර්හාන් සහ CPOPC සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඩුපිටෝ ඩී. සිමමොරේ යන මහත්වරු මෙම අවස්ථාව අමතා තිබේ.

ගෝලීය ඔයිල් පාම් වගාව පිළිබඳ අදහස් හා තොරතුරු ලබාගැනීම සඳහා ඔයිල් පාම් වගාකිරීමේ ක්‍රියාවලියේ සියලු ම ක්ෂේත්‍රවල වැවිලිකරුවන්, ව්‍යාපාරිකයින් සහ ඊට අදාල අනෙකුත් ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවා තිබේ.
කථිකයෝ සාර්ථකත්වයට පත් වී ඇති කුඩා වතු හිමියන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳව මෙන් ම වගා කටයුතුවල දී ගොවියන්ට ඇතිවන ප්‍රායෝගික ගැටලු සහ අත්දැකීම් සම්බන්ධව ද සම්මන්ත්‍රණයට සහභාගි වූ පිරිස සමග තොරතුරු බෙදා ගත් බව පවසයි.

මෙම ද සම්මන්ත්‍රණ වැඩසටහන මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගණනාවක් පිළිබඳව කතිකා කෙරුණු අතර, තිරසාර, පරිසර හිතකාමී ඔයිල් පාම් වගාවක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත හැකි ආකාරය පිළිබඳව ද කතිකා කෙරිණි.

ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනය පිළිබඳ සිය ප්‍රවීණත්වය හා අත්දැකීම් බෙදා ගනිමින්, ඉන්දුනීසියාවේ ඔයිල් පාම් කුඩා වතු හිමියන්ගේ සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ මහජන සංවර්ධන අංශයේ සාමාජිකයෙකු වන ජ්‍යෝනෝ ඇල්බර් බුර්හාන් මහතා යහපත් කෘෂිකාර්මික භාවිතයන් තුළින් කුඩා වතු හිමියන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කර ඇත.

ඉන්දුනීසියාවේ ඔයිල් පාම් නිෂ්පාදනයේ ආර්ථිකමය සහ සුබසාධනමය බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් බුර්හාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දුනීසියාවේ ඹයිල් ෆාම් වගාව හෙක්ටයාර මිලියන 16.38ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බවත්, එරට කුඩා වතු හිමිකරුවන් ඔයිල් පාම් වගාකර ඇති ඉඩම්වලින් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බවත් ය.

එමෙන් ම ඔහු පැවසූ පරිදි ඔයිල් පාම් යනු ඉන්දුනීසියාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය බවට පත් වී ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයක් වන අතර, එය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් පමණ වේ. ඉන්දුනීසියාවේ ග්‍රාමීය ආර්ථිකය සැලකිය යුතු ලෙස ඔයිල් පාම් වගාව මගින් බලගැන්වෙන බව ද බුර්හාන් මහතා සඳහන් කර ඇත.

2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දුනීසියාවේ කටුපොල් කිලෝවක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 0.11 ක් වූ අතර, 2021 වසරේ ඔක්තෝබර් මාසය වන විට එය ඇමරිකානු ඩොලර් 0.20 දක්වා මිල වැඩි වූ බවත්, එමගින් කුඩා වතු හිමියන්ට වැඩි වාසි හිමිවූ බවත් පැවසුවේ ය. එමෙන්ම ඒ මහතා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල ඇති වැදගත්කම ද එහි දී මතු වී තිබේ.

ඉන්දුනීසියාවේ රජය විසින් කළමනාකරණය කරනු ලබන කුඩා වතු හිමියන්ගේ වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ බුර්හාන් මහතා, ඉන්දුනීසියා රජය එරට කුඩා වතු හිමියන්ට පැරණි කටු පොල් ගස් ඉවත් කර නැවත වගා කිරීමේ වැඩසටහනක් සඳහා හෙක්ටයාරයකට රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දුන් බව පැවසුවේ ය. එම නැවත වගා කිරීමේ වැඩසටහනේ ප්‍රතිලාභය ලෙස ජෛව ඉන්ධන නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එය යොදා ගත් බව ඔහු සඳහන් කර තිබේ.

තම අත්දැකීම් බෙදා ගනිමින්, මැලේසියාවේ කුඩා වතු හිමියන්ගේ ජාතික සංගමයේ නියෝජ්‍ය සභාපති අස්මි හසන් මහතා රටේ ආර්ථික වර්ධනයට දායක වන ඔයිල් පාම් වගාවේ ඉල්ලුම හා සැපයුම ආශ්‍රිත ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වා ඇත.

මැලේසියාවේ ඔයිල් පාම් කර්මාන්තයේ සංවර්ධනය සඳහා එරට රජයේ දැඩි සහයෝගය ලැබෙන බවත්, රටේ දරිද්‍රතාව අවම කර ගනිමින් කුඩා වතු හිමියන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති මාලාවක් එහි දී ක්‍රියාත්මක වන බවත් හසන් මහතා ප්‍රකාශ කළේය. කුඩා වතු හිමියන්ට ඔයිල් පාම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙමින් මැලේසියානු රජය විසින් අරමුදල් සැපයීම සිදුකරන අතර, වගා කටයුතු සඳහා කුඩා ඉඩමක් ද ලබා දෙන බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Visits: 257