ශ්‍රී ලංකන් වැඩබලන CEO රිචඩ් නටාල් ගැන ගුවන් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප සහ වයස සම්බන්ධව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ පැතිර යන කරුණු සාවද්‍ය බව ශ්‍රී ලංකන් ගුවන්සේවය නිවේදනයක් මගින් සඳහන් කරයි.

ගුවන් සමාගමට අනුව, ගුවන් සේවා කලමණකරණ විශේෂඥයෙකු රිචඩ් නටාල් මහතා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරීවරයා පත්වීම් ලැබුවේ පසුගිය නොවැම්බර් මස පළමුවැනි දිනයි.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව නිසි අනුමැතියක් සහිතව ඒ මහතා ගුවන්සේවයට සම්බන්ධවූ බවට ශ්‍රී ලංකන් ගුවන්සේවය දන්වා සිටිමු.” නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙසැම්බර් මස 31 වැනිදා සිට පුරප්පාඩුව පැවැතීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රිචඩ් නටාල් මහතා එම ධූරයේ තාවකාලිකව වැඩ බැලීම සඳහා පත්කරනු ලැබුවේ එවක ගුවන් සමාගමේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම ධූරය ඒ මහතා හොබවීම හේතුවෙන් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

රිචඩ් නටාල් මහතා ප්‍රධාන වාණිජ නිලධාරී තනතුරට අමතරව තාවකාලිකව තව දුරටත් ගුවන් සමගාමේ වැඩ බලන ප්‍රධාන විධායක
නිලධාරී තනතුරේ කටයුතු කරනු ඇතැයි යනුවෙන්ද සඳහන් කර සිටියි.

Visits: 304