ලංකා හොස්පිටල්ස් ලාභාංශ නිවේදනයත් සමග කොටසක වටිනාකම 7.65%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී (LHCL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සඳහන් කරයි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බවත් සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස පෙබරවාරි 23 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 01 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 60.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 56.20ට සාපේක්ෂව රුපියල් 4.30ක් එනම් 7.65%ක ඉහළ යාමකි.

Visits: 219