මහබැංකු අධිපති හා ADB උප සභාපති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවෙහි (ADB) උප සභාපති ෂිෂිංන් චෙන් (Shixin Chen) මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු මූලස්තානයේදී පැවැත්වී තිබේ.

එහිදී ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් සිදුකළ බව මහ බැංකු අධිපති කබ්රාල් මහතා පවසයි.

එසේම 2022 වසරේ මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

මෙම හමුව සඳහා ADB හි ජ්‍යෙෂ්ට උපදේශක Aiming Zhou, මෙරට අධ්‍යක්ෂ Chen Chen, ආර්ථික විද්‍යාඥ මාධවී පන්ඩිත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් පෙරේරා යන මහත්වරුන්ද මීට සහභාගි වී තිබේ.

Visits: 84