පාරිභෝගික විරෝධතාවයක් නිසා කොටුව දුම්රියපොළ අසල උණුසුම් තත්ත්වයක්!

මුළු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් සංවිධාන ගත වූ පාරිභෝගිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක සාම්ප‍්‍රදායික විද්‍යුත් වාණිජ ක‍්‍රමවේදයන්ගේ වෙනසක් ඉල්ලමින් කොටුව දුම්රියපොළ අසල සාමකාමී විරෝධතාවයක නිරත වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලීම් පාඨ වූයේ සාමාන්‍යය ඔන්ලයින් මිලදී ගැනීම් අවකාශයේ සීමා ඉක්මවා ගිය ප‍්‍රතිලාභ හා විනෝදාත්මක අවස්ථා සහිත නව විද්‍යුත් වාණිජ ක‍්‍රමවේදයක් රටට අවශ්‍යය වන බවය. ඔවුන් watch, shop, play සහ explore අවස්ථා වැඩි වශයෙන් ලබාදෙන ලෙස පුවරු ඔසවා හඬ නගා තිබේ.

මේ පිළිබඳ අප කළ අදහස් විමසීමකදී, ශ්‍රී ලාංකීය විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ පෙරගමන්කරුවකු වන Daraz ආයතනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පාරිභෝගිකයන්ගේ මෙවැනි ඉල්ලීම් සාධාරණ බවත් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ සේවා පවත්වාගෙන යා යුතු බවත් ය.

ඉදිරියේදී Darazසාම්ප‍්‍රදායික ඔන්ලයින් සාප්පු සවාරියට විප්ලවීය නව වෙනස්කම් රැසක් හඳුන්වා දෙන්නට සියළු කටයුතු මේ වන විටත් සූදානම් කොට ඇති බවත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් වෙත නිරන්තරයෙන් සවන් දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරදීමෙහිලා Daraz කැපවන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙම පාරිභෝගික විරෝධතාවය හා Daraz ක‍්‍රියාකාරීත්වය පිළිබඳ නවතම පුවත් ලද සැණෙන් එසැණින් ඔබ වෙත රැගෙන එන්නෙමු.

Visits: 175