2022 වසරේදී ලාංකිකයන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු මාලාවක්

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සිය මගීන්ට 2022 වසරේදී අමතක නොවන ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා නව ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පවසයි.

ඒ යටතේ ශ‍්‍රී ලාංකිකයින්ට ඇමරිකානු ඩොලර් 290 කින් ආරම්භ වන ඉකොනොමි පන්තියේ ගාස්තු සහ ඇමරිකානු ඩොලර් 645 කින් ආරම්භ වන ව්‍යාපාරික පන්තියේ ගාස්තු වලින් සමන්විත විශේෂ ගමන් ගාස්තු මාලාවක් විවිධ ජනප‍්‍රිය ගමනාන්ත සඳහා ලබාගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ.

මෙම දීමනාව ලබාගන්නා මගීන්ට කොවිඞ්-19 වෛද්‍ය ගමන් රක්ෂණයක් සහ ගුවන් ගමන්වල යෙදීමේදී නම්‍යශීලි විකල්ප ලබාදෙන බව එමිරේට්ස් සඳහන් කරයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ 2022 ජනවාරි 03 වනදා සිට 17 වනදා දක්වා Emirates.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ට‍්‍රැවල් ඒජන්ත සමාගමකින් ඉකොනොමි සහ ව්‍යාපාරික පන්තිවල ගුවන් ප‍්‍රවේශපත් වෙන්කර ගත හැකි බවත් මේ යටතේ 2022 වසර පුරා ගුවන් ගමන් සිදුකළ හැකි බවත් එම සමාගම නිවේදනය කර ඇත.

බදු ඇතුළත් වන මෙම විශේෂ ගුවන් ගමන් ගාස්තු යටතේ ඇමරිකානු ඩොලර් 290 කින් (පවතින විනිමය අනුපාතයට අනුව රුපියල් 59,300 ක්) ඩුබායි වෙතත්, ඇමරිකානු ඩොලර් 315 කින් (ආසන්න වශයෙන් රුපියල් 64,400 ක්) මාලේ වෙතත්, ඇමරිකානු ඩොලර් 807 කින් (ආසන්න වශයෙන් රුපියල් 165,000 ක්) ලන්ඩන් වෙතත්, ඇමරිකානු ඩොලර් 600 කින් (ආසන්න වශයෙන් රුපියල් 122,700 ක්) රෝමය වෙතත්, ඇමරිකානු ඩොලර් 870 කින් (ආසන්න වශයෙන් රුපියල් 177,900 ක්) නිව්යෝර්ක් වෙතත් ගමන් කළ හැකිවේ. මෙම ගාස්තුවල රුපියල් වටිනාකම ගුවන් ප‍්‍රවේශපත් මිලදීගන්නා දිනයේදී පවතින විනිමය අනුපාතය අනුව තීරණය වනබව සමාගම සඳහන් කරයි.

මේ අතර, ව්‍යාපාරික පන්තියෙන් මාලේ වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 645 කින් (ආසන්න වශයෙන් රුපියල් 131,900 ක්), ඩුබායි වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 1,215 කින් (ආසන්න වශයෙන් රුපියල් 248,500 ක්), ලන්ඩන් වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 2,038 කින් (ආසන්න වශයෙන් රුපියල් 416,800 ක්), රෝමය වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 2,345 කින් (ආසන්න වශයෙන් රුපියල් 479,600 ක්) සහ නිව්යෝර්ක් වෙත ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 2,835 (ආසන්න වශයෙන් රුපියල් 579,800 කි) කින් ආරම්භ වන බව ද එමිරේට්ස් සඳහන් කරයි.

මෙම නව විශේෂ ගුවන් ගමන් ගාස්තු වලට අමතරව ඩුබායි වෙත ගමන් කරන එමිරේට්ස් මගීන්ට අගය එකතුකළ දීමනා මාලාවක් ලබාදීමට කටයුතු කර තිබේ. මෙයට නොමිලේ ලබාදෙන එමිරේට්ස් Expo දින ප‍්‍රවේශ පත‍්‍රයක් සහ වෙළදසැල්, අවන්හල් සහ විනෝදාස්වාද ස්ථාන 500 කට වැඩි ප‍්‍රමාණයකින් එමිරේට්ස් boarding pass එක පෙන්වා විශේෂ වට්ටම් ලබාගැනීමේ අවස්ථාවද ඇතුළත් වේ. මීට අමතරව, 2022 මාර්තු 31 වනදා දක්වා ඩුබායි හි රැඳී සිටින සෑම මිනිත්තුවක් සඳහා එමිරේට්ස් මගීන්ට එක් ස්කයිවර්ඞ්ස් සැතපුමක් බැගින් හිමිකර ගැනීමේ අවස්ථාවද එමිරේට්ස් විසින් ලබාදී ඇත.   

Visits: 187