ගනුදෙනු ඇරඹී පැය භාගයකදී ASPI ඒකක 182.71කින් ඉහළට – පිරිවැටුම රු.බිලියන 1.9 ඉක්මවයි

2022 වසර වෙනුවෙන් පළමු දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ අද දිනයේ මුල් පැය භාගයක කාලය තුළදී ඉතාමත් හොඳ ගැනුම්බරතාවකින් ගනුදෙනු සිදුවූ බව වාර්තා වෙයි.

ඒ අනුව අද පෙරවරු 11.00 වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 182.71කින් ඉහළ යමින් 12,408.72ක් බවට පත්ව තිබුණි. එසේම S&PSL20 දර්ශකයත් පෙරවරු 11.00 වන විට ඒකක 58.00කින් ඉහළ ගොස් ඒකක 4,291.25ක් බවට පත්ව තිබුණි.

මේ අතර මෙම පැය භාගය කාලය තුළදී කොටස් මිලියන 201ක් ගනුදෙනු වී තිබූ අතර, එහිදී පිරිවැටුම රුපියල් බිලියන 1.9ක් (1,984,672,680.40ක්) ලෙස සටහන්ව තිබුණි.                          

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පැය භාගයකට (විනාඩි 30කට) පෙරාතුව ආරම්භ වූ අතර, දිනය තුළ ගනුදෙනු සඳහා පැය හතරක කාලයක් ලබා දී තිබේ.

Visits: 159