මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනක්

මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනෙකු බිහිකරමින් තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් හතලිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ 2022 වර්ෂ ආරම්භය සනිටුවහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර සිටියි.

සෑම මසකම බැංකුව විසින් එක සුපිරි ජයග‍්‍රාහකයෙකු හට රුපියල් මිලියනයක් ලබා දෙන අතර තවත් වාසනාවන්ත ජයග‍්‍රාහකයන් 10 දෙනෙකුට සැනසිලි ත්‍යාග ලෙස රුපියල් 25,000 බැගින් පිරිනැමේ.

බැංකුවේ පේ‍්‍රෂණ සේවාව ‘ComBank Remit Plus’ හරහා මුදල් ලබන්නන් ස්වයංක‍්‍රීයව මෙම දිනුම් ඇදීමට ඇතුළත් වේ. ප‍්‍රවර්ධන කාලසීමාව තුළ කොමර්ෂල් බැංකු ගිණුමකට සෘජුවම පේ‍්‍රෂණ ලබන සෑම ගනුදෙනුකරුවෙක්ම සහ තමන්ට සමීප කොමර්ෂල් බැංකු ශාඛාවකින් පේ‍්‍රෂණ කළ මුදල් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබති.

මෙම මුදල් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවට අමතරව, බැංකුව හරහා එවන සියලූ විදෙස් සේවක පේ‍්‍රෂණ සඳහා, 2022 ජනවාරි 31 වැනිදා දක්වා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම පවතින විනිමය අනුපාතයට වඩා රුපියල් 10/-ක අමතර මුදලක් ලබා දෙන බව බැංකුව පවසයි.

ජයග‍්‍රාහකයන්ගේ විස්තර බැංකුවේ සමාජ මාධ්‍ය වේදිකාවල මෙන්ම බැංකුවේ Remit Plus ඇප් එක හරහා ද ප‍්‍රකාශයට පත් කරන බව බැංකුව පවසයි.

පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ ඉතාමත් සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතු දිවයින පුරා විහිදුණු ශාඛා 268 කින් යුතු ජාලය ප‍්‍රධානතම ශක්තියක් වන අතර එම ශාඛාවන් කීපයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනවල ගනුදෙනු සඳහා විවෘතව ඇත.

Visits: 94