OPPO සිය පළමු Foldable ස්මාර්ට් ජංගම දුරකථනය OPPO Find N එළි දක්වයි

ගෝලීය ස්මාර්ට් තාක්ෂණ සමාගම වන OPPO,සිය වාර්ෂික OPPO INNO DAY ප්‍රදර්ශනයේදී සිය පළමු foldable ස්මාර්ට් ජංගම දුරකථනය වන OPPO Find N හඳුන්වා දීම සිදුව තිබේ.

වසර හතරක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සහ නිෂ්පාදන ශේණි හයක ආකෘතිවල ප්‍රතිඵලයක් ලෙස, OPPO Find N විසින් foldable ජංගම දුරකථන ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් ගෙන එන අතර මිට පෙර foldable දුරකථන භාවිතා කළ පුද්ගලයින්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද නවමු අත්දැකීමක් ලබා දෙයි.

OPPO හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරී Pete Lau මහතා පැවසුවේ, “නව ස්මාර්ට් දුරකථන මාදිලිය නවීන තාක්ෂණයේ නව යුගයක් උදාකරන බවයි. OPPO විසින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලන නව උපාංගයක් නිර්මාණය කිරීම සඳහා සැලකිය යුතු කාලයක් සහ උත්සාහයක් යොදවා ඇති බවත් නිෂ්පාදන ආකෘති නිර්මාණ සැලසුම් සහ අනෙකුත් සාධක රැසක් මැනවින් සැලසුම් කර මෙම foldable උපාංගය නිපදවූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

OPPO Find N දුරකථනය වෙනත් කිසිදු foldable ජංගම දුරකථනයක දක්නට නොලැබෙන දර්ශන තිරයක් ලබාදෙයි . සාමාන්‍ය තත්ත්ව වලදී අඟල් 7.1ක දර්ශන තිරයක් සහ නැමූ විට අඟල් 5.49 තිරයකුත් දිස්වන නිසා පාරිභෝගිකයන්ට ප්‍රමාණය හෝ අවශ්‍ය ප්‍රයෝජන වල කිසිදු අඩුවක් නොමැතිව ඉතාම හොඳ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබාගත හැකිවේ.

OPPO Find N හි ඇති Flexion Hinge මගින් 0.01 mm දක්වා වූ අතිශය නිරවද්‍යතාවයකින් යුතුව එහි ඇති කොටස් 136ක් එකට ගෙන එමින්, මිනිස් සිරුරේ සන්ධි මෙන් ඉතා සුමටව ක්‍රියා කරන බව සහතික කරයි. OPPO හි අද්විතීය water-drop hinge සැලසුම මඟින් දුරකථනය නැමිම් වලදී සිදු විය හැකි හිරවීම් සහ කැඩී යාම් පාලනය කරමින් මෙම නැමිම් අනෙකුත් උපාංග වලට වඩා 80% ක අඩු ප්‍රමාණයක පාලනය කරන බව TUV මඟින්ද තහවුරු කර තිබේ. මෙම නිර්මාණ සැලසුම මඟින් උපාංගය නැමුණු විට display අතර පරතරය ප්‍රායෝගිකව ඉවත් කර වඩාත් යහපත් පෙනුමක් ලබාදෙමින් inner display එක සීරීම් සහ පළුදුවීම් වලින් වඩා හොඳින් ආරක්ෂා කරයි.

OPPO විසින් Music, Notes සහ Camera වැනි app සඳහා වඩා හොඳ සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට මෙම නව ආකෘතිය පහසුවෙන් භාවිතා කල හැකිවේ. උදාහරණයක් ලෙස Notes app එක භාවිතා කරනවිට OPPO Find N දුරකථනය නැමීමෙන් කුඩා ලැප්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කළ හැකි අතර එමඟින් ඉතා පහසුවෙන් Notes තුළ සටහන් කල හැකිවේ.

OPPO හි වෙනස් කල හැකි 12-layer Serene Display විශිෂ්ට ආරක්ෂාවක් සහ කල්පැවැත්මක් ලබා දෙන අතර සුමටව නැමිය හැකි වීම සඳහා Flexion Hinge සමඟ ක්‍රියා කරයි. සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් display glass වල ගනකම වන මිලිමීටර් 0.6 ට මෙහි display එකට මිලිමීටර් 0.03 ක Flexion UTG(ඉතාම තුනී වීදුරු) ස්ථරයක් ඇතුළත් වන අතර එය පහසුවෙන් නැමීමට ඉඩ සලසමින් දිගු කාලින ශක්තිමත් කල්පැවැත්මක් ලබා දෙයි . TUV විසින් සහතික කර තහවුරු කල පරිදි මෙම display ඉතා කල්පවතින වන අතර, 200,000 වාරයකට වඩා නැවීමේ හැකියාව ඇත.

OPPO Find N උසස් තත්ත්වයේ ඡායාරූප ගැනීම සහ වීඩියෝ කීරීම සඳහා ප්‍රමුඛ මට්ටමේ ත්‍රිත්ව කැමරා සැකසුමකින් සමන්විත වේ. එයට 50 MP Sony IMX 766 Main sensor එකක් , 16MP ultra – wide lens එකක් සහ 13MP telephoto lens එකක් මෙන්ම අභ්‍යන්තර සහ බාහිර display දෙකෙහිම සෙල්ෆි කැමරා ඇතුලත් වූ සුපිරි උපාංගයකි.

OPPO Find Nහි නව split-camera User interface මඟින් එක් පැත්තකින් කාර්යක්ෂමව ඡායාරූප ගැනීමටත්, අනෙක් පැත්තෙන් මෙම නවතම ඡායාරූප නැරඹීම, මිතුරන් අතර හුවමාරු කිරීම හෝ මකාදැමීමට වුවත් ඉතා පහසුවෙන් කරගැනීමට හැකියාව පවතී.
OPPO Find N උපාංගයේ ත්‍රිමාණ-වක්‍ර මෝස්තරයක් භාවිතා කරමින් එයට අතට පහසු ලෙස රඳවාගත හැකි හැඟීමක් ඇතිවන සුන්දර පෙනුමක් ලබා දී ඇත. එහි සුවිශේෂී නිර්මාණ කරණය නිසා කැමරා මොඩියුලයේ උස අඩුවෙන් පෙන්වන අතර Gorilla Glass Victus පැනලය සහ එක්වීමෙන් අලංකාර නිමාවක් දර්ශනීය පෙනුමක් ලබා දෙයි.

OPPO Find N සුවිශේෂී වර්ණ තුනකින් ලබාගත හැකියි – අති සුඛෝපභෝගී පෙනුමක් සහිත කළු මාදිලිය, දිලිසෙන සෙරමික් පෙනුමක් ඇති සුදු මාදිලිය සහ ඉතා වටිනා සුවඳ විලවුන් බෝතලයක පැහැය ඇති දම් මාදිලිය ලෙසය.

OPPO Find N දුරකථනය Qualcomm® Snapdragon™ 888 Mobile Platform සමඟින් 12 GB දක්වා වූ LPDDR5 RAM සහ 512 UFS 3’1 storage යන විශේෂාංග වලින් සමන්විතය. 4,500 mAh විශාල ධාරිතාවයකින් යුත් බැටරියක් දීර්ඝ බැටරි ආයු කාලයක් ලබා දෙන අතර 33W SUPERVOOC Flash Charge මඟින් විනාඩි 30ක් තුල 55% දක්වා ආරෝපණයක් සහ විනාඩි 70ක් තුළ 100% දක්වා ආරෝපණය කිරීමට නිර්මාණය කර ඇත.

එය 15W AIRVOOC Wireless ආරෝපණය (standard Qi සමඟ අනුකූල) සහ 10W reverse wireless ආරෝපණය යන දෙකෙන් සමන්විතය. OPPO Find N හි finger print scanner එකක් ආරම්භක බොත්තමෙහි ස්ථානගත කර ඇති අතර ද්විත්ව ස්පීකර් පද්ධතියක් සහ වඩාත් ප්‍රබල පැහැදිලි ශබ්දයක් ලබා දීමට Dolby Atmos සමඟින්ද සමන්විත වෙයි. ධOPPO Find N දුරකථනය 2021 දෙසැම්බර් 23 වනදා සිට චීනයේ අළෙවිය ආරම්භ වේ.

Visits: 77