ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතය මගින් එල්ල කරන ලද අභියෝගවලට එරෙහිව නැගී සිටි අතර එම බාධාවන් ජය ගැනීමට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් කර්මාන්තය තවදුරටත් රටේ ආර්ථිකයට දායක විය හැකි තත්වයට නගා සිටුවිය බව ඇඟළුම් අපනයනකරුවන් පෙන්වා දෙයි.

මෙරට ඇඟළුම් අපනයනකරුවන් නියෝජනය කරන ප‍්‍රධාන ආයතනය වන ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයෙහි (SLAEA) පසුගියදා පැවති 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම අදහස් පළ විය.

මෙහිදී ඇඟළුම් අපනයනකරුවන් විසින් කාර්යය මණ්ඩලය සඳහා COVID-19 බූස්ටර් එන්නත් ලබා දීමේ අවශ්‍යතාවය විශේෂයෙන් පෙන්වා දුන් අතර දේශීය සාර්ව ආර්ථික බාධාවන් විශේෂයෙන් විදේශ විනිමය හිඟය සහ අපනයන වෙළඳපල ප‍්‍රවේශය ශක්තිමත් කිරීම ආදී වූ කාරණාවන්හිදී කර්මාන්තයට ඇති සුවිශේෂී හැකියාව අවබෝධ කර ගැනීම අවශ්‍ය බව එහිදී අවධාරණය කළේයx

මෙම උත්සවයේදී SLAEA හි විධායක කමිටුව ඇඟලූම් කර්මාන්තයේ 350,000 ශ‍්‍රම බලකායට එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සහ අනෙකුත් රාජ්‍ය බලධාරීන් විසින් ඉටු කරන ලද කාර්යභාරය අගය කරන ලදී. කෙසේ වෙතත්, ඇඟලූම් අපනයනකරුවන්, එන්නත් ලබාදීම ආරම්භ කර මාස හයක කාලසීමාව ඉක්මනින් ළඟා වෙමින් පවතින බැවින්, එම අංශයේ සේවකයින් සඳහා COVID-19 බූස්ටර් එන්නත් ලබාදීමේ අවශ්‍යතාවය ද සඳහන් කළහ.

මීට අමතරව ඇඟළුම් අපනයනකරුවන් යුරෝපා සංගමයට මෙන්ම එක්සත් රාජධානියට ද GSP+ සහනය රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡුා කළහ. අනෙකුත් ප‍්‍රධාන සහ නැඟී එන අපනයන වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය ශක්තිමත් කිරීමෙහි වැදගත්කම මෙහිදී පැහැදිලි කරන ලදි.

තවද ඇඟළුම් අපනයනකරුවන් විසින් යුරෝපා සංගමයට මෙන්ම එක්සත් රාජධානියට ද GSP+ සහනය රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡුා කරන ලදී. අනෙකුත් ප‍්‍රධාන සහ නැඟී එන අපනයන වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය ශක්තිමත් කළ යුතු බව මෙහිදී සටහන් විය.

”ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකා ආර්ථිකයට අසමසම දායකත්වයක් සපයනවා. එය රජය විසින් ද පිළිගෙන ඇති කරුණක්.” 2021/22 සඳහා SLAEA හි විධායක කමිටු සභාපති, අරූන් හයිද්‍රාමණී මහතා පැවසුවේය. ”කෙසේ වෙතත්, රටේ විදේශ සංචිත හිඟය සහ සමස්ත ආර්ථික ගැටලූ සම්බන්ධයෙන් අපි දැන් සැලකිය යුතු ප‍්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. අපගේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සමඟ එක්ව, 2021 වසරේ සිට පෙන්නුම් කරන වර්ධනය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා හැකි විසඳුම් වෙනුවෙන් අපි බලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටිනවා.’’ යනුවෙන් තවදුරටත් ඔහු පැවසුවේය.

2021/22 සඳහා SLAEA හි විධායක කමිටුව; සභාපති – අරූන් හයිද්‍රාමණී (අධ්‍යක්ෂ – හයිද්‍රාමණී සමූහ ව්‍යාපාරය), උප සභාපති – ඉන්දික ලියනහේවගේ (ප‍්‍රධාන විධායක නිලධාරී – Eskimo Fashions Knitwear), රෙහාන් ලඛානි- හිටපු සභාපති (සභාපති – Original Apparel) සහ ගරු. භාණ්ඩාගාරික – ජීවිත් සේනාරත්න (ජ්‍යෙෂ්ඨ කළමනාකරු ව්‍යාපාර විශ්ලේෂණය – Star Garments).

Visits: 73