පොලී රහිතව ඩෙබිට් කාඩ් එකෙන් ටික ටික ගෙවන්න Koko

ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා  ඕෆ්ලයින් යන  ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ.

Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න”(Buy Now, and Pay Later) තේමාවෙන් යුතුව පොලී රහිත වාරික 3 කින් මුදල් ගෙවීමේ අවස්ථාව හඳුන්වා දී ඇති නිසා උත්සව සමයේ ඔබේ සාප්පු සවාරියට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Koko ඇප් එක ඩෙබිට් කාඞ්පත් වෙනුවෙන් හඳුන්වාදෙන වාරික 3 කින් මුදල් ගෙවීමේ ක‍්‍රියාවලිය දින 60 කටත් වඩා දීර්ඝ කරවාගැනීමේ හැකියාව පවතියි. සාම්ප‍්‍රදායික මුදල් ගෙවීම් ක‍්‍රමයන්ගේ මෙන් Koko හි මුදල් රැඳවීමේ සීමාවන් පනවා නොමැත. ඔබේ භාණ්ඩ අවශ්‍යතාව පසුම්බියට බරක් නොදැනෙන්නට සම්පූර්ණ කරගැනීමේ සැනසිල්ල හිමිකරදෙන Koko කාටත් ආර්ථික දුෂ්කරතා ඇති වෙන මෙවැනි කාලයකට වඩාත් ගැලපෙන මුදල් හසුරවීමේ ක‍්‍රමවේදයකි.

ඔබේ ජංගම දුරකතනයට ඉතා පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගෙන ලියාපදිංචි විය හැකි Koko ඇප් එක  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි සරල හා හුරුබුහුටි නිමාවකින් යුක්තය. මිනිත්තුවක් වැනි කෙටි කාලයකින් ඩවුන්ලෝඞ් වෙන Koko ඇප් එකට මුදල් ගෙවීමේ සීමාව ඉතාමත් කෙටි කාලයක් ඇතුලත සක‍්‍රීය වේ. Koko ඇප් එකෙන් ඩෙබිට් කාඞ්පත් භාවිතා කොට සිදුකෙරෙන onlineහෝ in-store මිලදී ගැනීම් සඳහා රුපියල් 15,000 ක සීමාව දක්වා ගනුදෙනු කිරීමේ පහසුකම හිමි වේ.

Koko ඇප් එක ඩවුන්ලෝඞ් කරගැනීමෙන් පසු shopping tabඑක හරහා සාප්පු සවාරිය ඇරඹිය හැකිය. භාණ්ඩ මිලදී ගැනීමට ප‍්‍රථමයෙන් ඇප් එකේ My Kokoවෙතට ගොස් එයට ඔබේ ඩෙබිට් කාඩ්පත සම්බන්ධ කළ යුතුය. මුදල් ගෙවීමේ සීමාව වැඩි කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ පිටපතක්, ආසන්නතම වැටුප් වාර්තා සහ තමා නමට ගෙවන ලද වෙනත් බිල්පත් කිහිපයක් uploadකළ යුතු අතර ඒ හරහා Koko අදාල පාරිභෝගිකයාගේ පසුව මුදල් ගෙවීමේ හැකියාව පිළිබඳ තක්සේරුවකට එළඹෙයි.

Koko හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී එහි පළමු වාරිකය අයකරගන්නා අතර ඉතිරි වාරික 2 මාස 2 ක් ඇතුලත ගෙවීමට හැකිය. තමා සිදු කළ මිලදී ගැනීම්වල විස්තර Kokoඇප් එක තුළ සටහන් වන අතර පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා දැනට මිලදී ගනිමින් සිටින භාණ්ඩයන්ගේ මිල ගණන් එකතුවත් ඇප් තිරය මත සටහන් වේ. යම්හෙයකින් පාරිභෝගිකයාට ගිවිස ගත් දිනයට මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව හා ප‍්‍රමාද ගාස්තු ඇතුළු විස්තර ද Kokoඇප් එක හරහා දැනුවත් විය හැකිය.

ශ්‍රී ලාංකිකයන්ගේ සාප්පු සවාරි සංස්කෘතියේ පෙරළිකාර වෙනසක් සිදු කළKokoඇප් එක සීතල නත්තලේ අසිරියට උණුසුම් ප‍්‍රබෝධයක් එක් කරමින් තෝරාගත් නිෂ්පාදන රැසක් සඳහා 30‍% දක්වා වට්ටම් සමග ආකර්ෂණීය දීමනා රැසක් හඳුන්වා දී තිබේ. නත්තලේ ඔබේත් පවුලේත් හිතමිතුරන්ගේත් සතුට වෙනුවෙන් අදම Koko සමග එක්ව සාප්පු සවාරියේ යෙදෙන්න, “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න”

Visits: 183