Samsung Galaxy A03 Core ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් Galaxy A03 Core මෙරටට හඳුන්වා දී ඇතැයි නිවේදනය කර සිටියි. ඔබට දැරිය හැකි මිලකට ඔබගේ සමීපයට විශිෂ්ටත්වය රැගෙන එන Galaxy A03 Core යනු Galaxy smartphones කාණ්ඩයේ ඊළඟ විශිෂ්ට device එක බව සහතිකව සඳහන් කළ හැක.

Samsung හි Galaxy A කාණ්ඩයට අළුතින්ම එකතු කරන ලද Galaxy A03 Core අඟල් 6.5 HD+ Infinity-V display, ප‍්‍රබල octa-core ප්‍රොසෙසරය සහ 5000mAh බැටරියකින් සමන්විත වේ.

සිත් ඇදගන්නා සුළු නැරඹීමේ අත්දැකීමක් ගෙන එන පුළුල් HD+ Infinity-V display මගින් ඔබට ඔබගේ සියලූම විනෝදාස්වාදයන් පෙර නොවූ විරූ ආකාරයකින් රස විඳීමේ හැකියාව ලබා දෙයි. ඉහළ කාර්යසාධනයක් සහිත OCTA-core CPU ඔබගේ සියලූම apps ක්ෂණිකව හසුරුවන අතර විශාල 5000mAh බැටරිය ඔබට දිගු කාලයක් ඔබේ smartphone එකෙහි ඔබ කැමති දේ නරඹමින් කාලය ගත කිරීමට ඔබව පොළඹවනු ඇත.

Galaxy A03 Core යනු වැය කරන මුදලට සැබෑ වටිනාකමක් සහිත වෙළඳපොලේ ඇති වඩාත්ම දැරිය හැකි මිලකට ලබා ගත හැකි සැම්සුන් නිෂ්පාදනවලින් එකකි. මෙමගින් සැම්සුන් සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ smartphones භාවිතා කිරීම, කැමරාවේ අපූර්වත්වය, තිරය (display) සහ බැටරි ආයු කාලය ආදිය පිළිබඳව විධිමත් අත්දැකීමක් මගින් ලබා දීමට උත්සාහ කරයි. දැනට සිටින මෙන්ම අලූතින් සැම්සුන් පාරිභෝගිකයින් බවට පත්වීමට සිටිනා පාරිභෝගිකයින් යන දෙපිරිසම අතර Galaxy A03 Core ක්‍දරු ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වන බව නොඅනුමානය.

සිත් ගන්නා විශිෂ්ට නැරඹීමේ අත්දැකීමක් ලබා ගත හැකි සිනමා ශාලාවක් මෙන් දෙගුණ කළ හැකි ස්මාර්ට් ජංගම දුරකතනයකට ආදරය නොකරන්නේ කවුද? HD+ resolution සහ 20:9 aspect ratio සහිතව එන Galaxy A03 Core ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට හෝ වීඩියෝ නරඹන විට සුපැහැදිලි විචිත‍්‍රවත් බවක් ලබා දෙන අතර තරුණ පරපුර සහ එකදිගට තමන් කැමති දේ නැරඹීමට ප‍්‍රිය කරන නව යෞවනයින්ව මනඃකල්පිත ලෝකයකට රැගෙන යයි.

ප‍්‍රබල octa-core Unisoc SC9863A CPU එක මගින් බල ගැන්වුනු Galaxy A03 Core, බොහෝ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී සහ ඒවායේ සැරිසැරීමේදී පවා විධිමත් කාර්යසාධනයක්, බාධාවකින් තොරව එකවිට කාර්යයන් කිහිපයක් කිරීමේ හැකියාව හා ක‍්‍රියාකාරීත්වය සහ අවම බල ශක්ති පරිභෝජනයක් ඔබට ලබා දෙයි. එමෙන්ම මෙමගින් පරිශීලකයින්ට අන්තර්ජාලයේ වේගයෙන් සැරිසැරීමට සහ buffering වලින් තොර වීඩියෝ ක‍්‍රීඩා සහ වීඩියෝ නැරඹීමේ විශිෂ්ට අත්දැකීමක් ලබා ගැනීමට ඉඩ සලසයි.

කල් පවතින බැටරි බලයක් සහිත 5000mAh බැටරිය නිසා ඔබට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකි බැවින් නිතර නිතර charge කිරීමට කරදර විය යුතු නැත. ඔබට ඔබගේ Instagram page එකට මනා සෙල්ෆි ඡුායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් f/2.0 aperture lens එකක් සහිත පසුපස කැමරාවකින් හා 5MP ඉදිරිපස කැමරාවකින් සමන්විත Galaxy A03 Core ඔබට පැහැදිලි හා අනර්ඝ තත්වයේ සෙල්ෆි ඡුායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

එපමණක් නොවේ. 32GB අභ්‍යන්තර මතක ධාරිතාවක් සහ 1TB දක්වා වැඩි කළ හැකි ධාරිතාවක් සහිතව එන Galaxy A03 Core නිසා ඔබට ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ storage space එක පිළිබඳ කරදර නොවී ඔබ සතු සියලූම ආකාරයේ ඡුායාරූප, වීඩියෝ හා අනෙකුත් ලිපිගොනු ගබඩා කර තබා ගැනීමේ පහසුව ඔබට සලසයි.

Android Go මෙහෙයුම් පද්ධති සඳහා සහය දක්වන අවම storage space එකක් භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ඇති අඩු ධාරිතාවක් සහිත apps වලින් Galaxy A03 Core සමන්විතය. පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කර ඇති මෙම Android Go 11 apps Android 10 Go ට වඩා 20%ක ඉක්මන් ක‍්‍රියාකාරීත්වයක් ලබා දෙන නිසා වඩාත් හොඳ පරිශීලක අත්දැකීමක් ලබා දෙයි.

Android Go 11 සමඟ එන Safe Folder විශේෂාංගය ඔබට වැඩි ආරක්ෂාවක් සහතික කරන අතර ඔබ කැමති PIN හා pattern ලබා දීමෙන් ඔබගේ ඕනෑම දෙයක් ආරක්ෂා කරයි.

ග‍්‍රහණය කර ගැනීමට පහසු හා සුසිනිඳු හැඩයකින් හා නිමාවකින් එන Galaxy A03 Core ක්‍දරු මගින් ඔබගේ ප‍්‍රියතම චිත‍්‍රපට හෝ කතා පහසුවෙන් නැරඹීමට ඔබට ඉඩකඩ සලසයි. කළු සහ නිල් වර්ණවලින් දැන් මෙය ඔබට ලබා ගත හැකිය. 2GB+32GB වර්ගයේ Galaxy A03 Core හි මිල රු. 23,999 කි.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Galaxy A03 Core මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore, samsungsrilanka.lk, MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

Visits: 85