KVPL කෘෂිකාර්මික අංශය සඳහා වූ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Ceylon Chamber of Commerce- (CCC)) විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (BCCSA) හිදී කැළණි වැලී වතු සමාගම (Kelani Valley Plantations PLC (KVPL))කෘෂිකාර්මික අංශය සඳහා වූ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම සම්මානය මගින් තිරසාර හා සදාචාරාත්මක වැවිලි කළමනාකරණ ක්ෂේත‍්‍රයේ රටේ වඩාත්ම ගෞරවනීය සමාගමක් ලෙස KVPL හි ස්ථානය තහවුරු කරයි. තිරසාර නවෝත්පාදනයන් මේ මොහොතේ හදිසි අවශ්‍යතාවයක් වන අවස්ථාවක, රටේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී තිරසාර සාර්ථකත්වයක් ළඟා කරගැනීම පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ලෙස හේලීස් වැවිලි සමාගම හැඳින්වීමට KVPL අත්කර ගත් මෙම ඇගයීම උපකාරී වනු ඇතැයි හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා විශ්වාස කරයි.

”මෙවැනි කීර්තිමත් පිළිගැනීමක් ලබා දීම අපට ගෞරවයක්. මේ ඇගයීමට දායක වූ සියලූ දෙනාටම මගේ කෘතඥතාව පළ කරනවා. ඔවුන් නොමැතිව මෙවැනි ජයග‍්‍රහණයක් අත්කර ගත නොහැකියි.”

”තිරසාරභාවය යනු හේලීස් වැවිලි සමාගමෙ හි ප‍්‍රධාන උරුමයයි. වසර ගණනාවක් පුරාවට අප අපගේ සේවකයින් සහ ඔවුන්ගේ ප‍්‍රජාවන්ගේ සුබ සිද්ධිය උදෙසා ආයෝජනය කරන අතරම, අපගේ මෙහෙයුම්වල සෑම අංශයකටම පාරිසරික හොඳම ක‍්‍රමෝපායන් යතාර්ථවත් සහ අර්ථවත් ලෙස ඇතුළත් කිරීමට අපගේ මුළු කණ්ඩායමම වෙහෙස නොබලා කටයුතු කර තිබෙනවා. තිරසාරභාවය පිළිබඳ අපගේ අත්දැකීම් එකතු කර ගනිමින්, ක්ෂේත‍්‍රයේ බොහෝ අත්දැකීම් ඇති සමාගමක් ලෙස අප ආඩම්බර වන අතර සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. ඒවගේම සමස්ත වැවිලි ක්ෂේත‍්‍රය සඳහා වඩාත් තිරසාර අනාගතයක් සඳහා සැලැස්මක් සැකසීම සඳහා කැපවනවා’’ යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2022 දී සිය මෙහෙයුම් කටයුතුවල 30 වැනි වසර සමරන හේලීස් වැවිලි සමාගම වතුකරයේ ප‍්‍රගතිශීලී පරිවර්තනයක් සඳහා ඉදිරියෙන්ම සිටියි. හේලීස් කැළණි වැලි වතු සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා පැවසුවේ ‘’දශක තුනක් තිස්සේ KVPL වතු කළමනාකරණය සඳහා සම්පූර්ණයෙන්ම නව ප‍්‍රවේශයක් වෙනුවෙන් ආයෝජනය කිරීම්, අත්හදා බැලීම් සහ නව්‍යකරණය කිරීම් කර තිබෙනවා. අද අපි වෙහෙස මහන්සි වී උපයාගත් ගැඹුරු දැනුම, සියලූ පාර්ශවකරුවන් සමඟ ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නගා සිටුවීම උදෙසා බෙදා දීමට අපි සූදානම්ව සිටිනවා.’’ යනුවෙනි.

Visits: 77