13 වැනි ශ්‍රී ලංකා කණිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ ජය යනික් කුමාර සහ කායා දළුවත්තට

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ එම 13 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2021 දෙසැම්බර් මස 15 – 17 දිනවලදී කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ ගොල්ෆ් පිටියේදී අති සාර්ථකව පැවැත්විණ.

“ප‍්‍රීමා සන්රයිස්” පාන් සන්නාමය විසින් ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණ සහිතව අඛණ්ඩව 13 වැනි වසරටත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග‍්‍රාහකත්වය එක් කරනු ලැබීය.

Covid19 නිසා අඩාලව පැවැති කණිෂ්ඨ ගොල්ෆ් ක‍්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු වෙත නව ජීවයක් ලබාදෙමින් පැවැති මෙම තරගාවලිය පුරා පැහැබර කාලගුණයක් ද පැවති නිසා ක‍්‍රීඩකයන්ට දස්කම් දැක්වීමෙහිලා වැඩි අවස්ථාවක් හිමි විය.

නවක ක‍්‍රීඩක යනික් කුමාර 100 වැනි කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලක ශූරතාවය හිමිකරගත්තේ 68,69 සහ 69 වශයෙන් තරගවට නිමාකරමින් නිරේක් තේජ්වානි දෙවන ස්ථානයට පත් කරමිනි. දක්ෂ නව යොවුන් ක‍්‍රීඩක තේජ්වානි 72,73 සහ 71 වශයෙන් තරගවට නිමා කළ අතර කේ. ධනුෂාන් තුන්වන ස්ථානය හිමිකරගත්තේ තරගවට 71, 70 සහ 77 ලෙස නිමාවට පත් කරමිනි.

නව යොවුන් ක‍්‍රීඩිකා කායා දළුවත්ත විසින් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ බාලිකා ශූරතාවය හිමිකරගත්තේ 74,72 සහ 77 ලෙස වශයෙන් තරගවට නිමාකරමින් දස්කම් දක්වමිනි. ශෙරින් බාලසූරිය ක‍්‍රීඩිකාව එහිදී දෙවන ස්ථානයට පත් වූයෙ පහර 16 ක වෙනසකින් වන අතර ඇය 78,82 සහ 79 ලෙස තරගවට නිමා කළාය. තෙවන ස්ථානය දිනාගත් දෙවින්කා කනගීස්වරන් 90,90 සහ 89 ලෙස තරග වට නිමා කළා ය.

ප‍්‍රීමා සාමාන්‍යාධිකාරී ෂාන් ටියෑන් ෂින්ග්, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති මයිකල් පෙරේරා මාගල, රනිල් පීරිස් සහ ලාල් වික‍්‍රමතුංග යන මහත්වරුන් අතින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලියේ ජයග‍්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම සිදුකෙරිණ. මෙම අවස්ථාවට තරගාවලියේ විනිසුරුකරුවන් ලෙස කටයුතු කළ සායි කස්තුරිරත්න සහ විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් නන්ද හතුරුසිංහ යන මහත්වරුන්ද එක්වූහ.

Visits: 28