DFCC බැංකුව DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි

DFCC බැංකුව, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන මූල්‍ය ආයතනය බවට පත්වීමේ ඉලක්කයෙහි තවත් පියවරක් වශයෙන්, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භකර තිබේ.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ DFCC කාර්ය මණ්ඩලයෙනි. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර අනුව, මෙම මධ්‍යස්ථානය ‘DFCC Agile’ ලෙස නම්කරන ලදි. එහි සම්පූර්ණ නම ‘‘DFCC Agile – Innovation Centre of Excellence’ වන අතර, එය DFCC බැංකුවේ ඉදිරි ගමන සහ අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතා වලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක දායකත්වයක් දක්වනු ඇත. මේ ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳපොළට නවතම මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුවට හැකියාව ලැබේ.

අනාගත වටිනාකම් නිර්මාණකරණයතුළදී එයටම ආවේණික වූ ක්‍රියාවලි සහ පහසුකම් තිබීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම නව විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමේදී, එයට අවශ්‍ය නිර්මාණශීලීත්වය, දැනුම හා විශේෂඥභාවය වැනි සාධක එක්තැන් කිරීම සඳහා, බාහිර පාර්ශ්වයන් සමග විධිමත් ලෙස සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම DFCC බැංකුවේ ක්‍රමෝපාය අංශය විසින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. ඒඅනුවක්‍රියාවටනංවනලදමෙම ව්‍යාපෘතිය යටතේ, නවීන තාක්ෂණය සහ ගනුදෙනුකරුවන්ගේ අදහස් පදනම් කරගනිමින්, අනාගතයට වඩාත් හොඳින් ගැළපෙන බැංකු හා මූල්‍ය සේවාවන් හඳුන්වා දීම පහසු වනු ඇත.

ක්‍රමෝපායික චින්තන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය, DFCC බැංකුවේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය කරන පරිදි සැලසුම් කර ඇති අතර, එය නව සංකල්ප නිර්මාණය කිරීමේ සහ පරීක්ෂාවට ලක්කිරීමේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරයි. මෙමගින් නව අදහස් හාසංකල්ප, නිෂ්පාදන හෝ සේවාවන් ලෙස ක්‍රියාවට නැංවීමට පෙර ඒවා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහන යටතේ, තම නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට සඳහා Innovation Quotient (IQ)සමගහවුල්කාරීත්වයකටඑළඹීමටDFCC බැංකුව කටයුතු කළේ ය. IQ සමාගම තෝරාගන්නා ලද්දේ, නවෝත්පාදනය, ‘Design Thinking’ ක්‍රියාවලියසහ ව්‍යාපාර සැලසුම්කරණය යනාදී අංශ සම්බන්ධයෙන් එම සමාගම සතු පැය 100,000 කට අධික පළපුරුද්ද සැලකිල්ලට ගනිමිනි. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුවේ අනාගත නවෝත්පාදන සැලසුම නිර්මාණය කිරීම, ශක්‍යතාවන් පුළුල් කිරීම, නවෝත්පාදන මෙවලම් හඳුන්වා දීම සහ නිර්මාණශීලී පරිවර්තනයන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ආදියසිදුකෙරේ. ප්‍රධාන විධායක නිලධාරී තුමන් සහ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සමස්ත නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවනු ලබනු ඇත. IQ යනු ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ප්‍රථම ‘Design Thinking’ සමාගම වන බැවින්, තම නවතම මාර්ගගත බැංකුකරණ සේවා පදනම සඳහා අතුරු මුහණතක් නිර්මාණය කිරීම සඳහාද එම සමාගමේදායකත්වයලබාගැනීමටDFCC බැංකුව කටයුතු කළේ ය.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ ඩිජිටල් ඉදිරි ගමනේ නවතම අදියරක් ලෙස ‘DFCC Agile – Innovation Centre of Excellence’ආරම්භ කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත ගමන් මගේ පුරෝගාමී කේන්ද්‍රයක් බවට පත්වේවි. ක්ෂේත්‍රයේ අනාගතය රඳා පවතින්නේ පාරිභෝගික අත්දැකීම්වැඩිදියුණුකිරීමේ සහ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව මතයි. එම නිසා බැංකු ක්ෂේත්‍රයට Design Thinking ක්‍රියාවලිය අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට අප සමග එක්වන මෙන් ආරාධනය කිරීමට මා කැමතියි. මෙම වැඩසටහන වෙනුවෙන් පත්කළ කණ්ඩායම Design Thinking විධික්‍රම ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

Innovation Quotient හි ප්‍රධාන විධායක නිලධාරී මෆාස් ඉෂාක් මහතා මෙසේ අදහස් පළකළේ ය. “DFCC Agile සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී DFCC බැංකුවේ දියුණුවට සමගාමීව තවදුරටත් පුළුල් වෙමින්, අභ්‍යන්තර හා බාහිර හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී Design Thinking විධික්‍රම ඔස්සේ නව අදහස් හා සේවාවන් හඳුන්වා දීම සඳහා මහෝපකාරී වේවි.”

DFCC බැංකුවේ අනාගත වර්ධනය උදෙසා එහි අභ්‍යන්තර හැකියාවන් ශක්තිමත් කිරීම DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය වෙත පැවරෙන තවත් භූමිකාවකි. එහිදී හඳුනා ගනුලබන සැලසුම් අනුව විවිධාකාර වූ ව්‍යපෘති ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ කණ්ඩායම් පත්කෙරෙනු ඇත. මේ ඔස්සේ, DFCC බැංකුවේ අනාගත දියුණුවසඳහාඇතිඅවස්ථාඉලක්කකරගෙන සැලසුම් ක්‍රියාවට නැංවීමට පෙර, ඒවා පුළුල් පරීක්ෂණ ක්‍රියාවලියක් ඔස්සේ තහවුරු කරගැනීමට අවස්ථාව හිමි වේ.

Visits: 21